Colombo Today Local News

අම්පාරේ තවත් දාගැබක් සමතලා කර කුඹුරක් හදලා

අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුව කල්හාරවට්ට ප්‍රෙද්ශයේ ඉපැරණි දාගැබක් විනාශ කර කුඹුරක් සකස් කරමින් සිටි තිදෙනෙක් අම්පාර පුරාවිද්‍යා විශේෂ පොලිස් ඒකකය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් ගරා වැටී තිබූ චෛත්‍ය ඩෝසර් යන්ත්‍ර යොදා ගනිමින් සමතලා කර කුඹුරක් ලෙස සකස් කර තිබෙනවා. මෙම ස්ථානය පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස නම් කර තිබී ඇති අතර මෙම ස්ථානයේ ඉපැරණි ගඩෝල්, උළු කැට වැනි දේ තිබී ඇති අතර සැකකරුවන් විසින් එම පුරාවස්තු විනාශ කර තිබෙන බව පොලීසිය පවසනවා.

මීට වසර දෙකකට පමණ පෙර අක්කරපත්තුව මොට්ටයාගල දාගැබ් සංකීර්ණයට අයත් ඉපැරණි දාගැබක් ද මේ අයුරින්ම විනාශ කර තිබුණා.  මුස්ලිම් දේශපාලකයන්ගේ මෙහෙයවීමෙන් අම්පාර දිස්ත්‍රික්කය පුරා විසිරී පැතිරුණු ඉපැරණි නටඹුන් විනාශ කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් කලක පටන් ක්‍රියාත්මක වන බවද අම්පාර ප්‍රදේශවාසීන් සහ සිවිල් සංවිධාන පවසනවා.

ඡායාරූප – ලංකාදීප

ampara_20151082ampara_2015108312088305_748219058617584_1127155564911905751_nampara_20151085

Related posts

හමුදා ප්‍රධානීන් අත්අඩංගුවට ගැනීම ගැන ජනපතිගේ අප්‍රසාදය

colombotoday

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑමේ රතු නිවේදන

Admin

ශ්‍රී ලංකාවට තියුණු තරගාවලි ජයක්

Admin

මුහුණු ආවරණ පැළඳීම හෙට සිට අනිවාර්ය නැහැ

colombotoday

රනිල්ගෙන් ඊ නිවුස් සඳරුවන්ට පවුම් 25000 ක කප්පම් – ජනපතිට දිගටම මඩ ප්‍රහාර

colombotoday

සාපරාධී අපහාසයක්, සශී වීරවංශගෙන් රන්ජන්ට නඩු…

colombotoday