Colombo Today Local News

මහින්දානන්ද දෙවැනි දිනටත් එෆ්.සී.අයි.ඩී. ඇවිත් නෑ

ප්‍රකාශයක් ලබා ගැනීම සදහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැදවා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා දෙවන දිනටත් ඊයේ 11 එහි පැමිණ නැති බව පොලිස් මූලස්ථානය පවසයි.

ඉකුත් ජනාධිපතිවරණය ආසන්නයේදී කැරම් හා දාම් ක්‍රීඩා උපකරණ මිලදී ගනිමින් රජයට අයත් රුපියල් මිලියන 39ක් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගමගේ මහතාට චෝදනා එල්ලවී ඇත.

මූල්‍ය අපරාධ කොට්ඨාසය මේ පිළිබඳ විමර්ශනයක් සිදුකරන අතර ඒ පිළිබඳ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඉකුත් 9 වැනි දින පැමිණෙන ලෙස මන්ත්‍රීවරයාට දන්වා සිටියද ඔහු පැමිණියේ නැත. ඒ වෙනුවෙන් ඊයේ (11) දින පැමිණෙන බව දන්වා තිබූ නමුත් ඊයේ දිනද ඔහු නොපැමිණි බව ‍පොලිස් මූලස්ථානය පවසයි.

Related posts

සිංහල මව්වරුන් වඳ කළ මුස්ලිම් දොස්තර ඇමති රිෂාඩ්ගේ ගෝලයෙක් කියන බව ඇත්තක්ද?

colombotoday

අංක තහඩුවේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන ලැබෙන දවස් මෙන්න

colombotoday

බැසිල්ව ගත්තොත් සන්ධානයට අපි නෑ… බැසිල්ට එරෙහිව ඩලස් යුධ ප්‍රකාශ කරලා

colombotoday

චමල් රාජපක්ෂගේ නිවසක පොහොර, ඩීසල්, වී ගබඩා…

colombotoday

ජල ගාස්තුවටත් මිල සූත්‍රයක්? පුණ්‍ය ආයතන, රෝහල් සහ පාසල් වලට දෙන්න යෝජනා

Admin

කෝපා කමිටුව අද රැස් වෙයි.

colombotoday