Colombo Today Local News

විශ්වාසභංගයෙන් ඒකාබද්ධය ලැබූ ජයග්‍රහණ 4ක් – හිටපු ජනපති හෙළි කරයි

විශ්වාසභංගයෙන් අගමැතිවරයා ජයග්‍රහණය කළද ඒකාබද්ධ විපක්ෂය ජයග්‍රහණ 4ක් ලැබූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඉන් පළමු ජයග්‍රහණය ආණ්ඩුවට අත්තනෝමතික හිතුවක්කාර තීරණ ක්‍රියාත්මක කිරීමට තිබූ 2/3 බලය අහෝසි වීම බව ඔහු පැවසීය.

එසේම දෙවැනි ජයග්‍රහණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දියාරු ප්‍රතිපත්තිය නිසා බෙදුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් ළඟදීම විපක්ෂයට සහය දීමෙන් ඒකාබද්ධ විපක්ෂය පුළුල් වීම යැයි කීය.

තෙවැනි විශාලම ජයග්‍රහණය වන්නේ රටේ ප්‍රධාන විපක්ෂය ලෙස පෙනී සිටින දෙමළ ජාතික සන්ධානය සැබෑ විපක්ෂයක් නොව ආණ්ඩුවේ කොන්ත්‍රාත්තු ඉටු කරන්නකු බව හෙළිදරව් වීම යැයි කී රාජපක්ෂ මහතා අවසන් ජයග්‍රහණය ඒකාබද්ධ විපක්ෂය බෙදී සිටින බවට චෝදනා කළ තැනැත්තන්ගේ චෝදනා පුස්සක් බවට පත්වීම යැයි ප්‍රකාශ කළේය.

මේ හේතුවෙන් අගමැතිවරයා මෙය ජයගත් බව පෙනුණත් සැබෑ ජයග්‍රාහකයා ඒකාබද්ධ විපක්ෂය යැයි හෙතෙම අවධාරණය කළේය.

දේශය

Related posts

වසර 25ක කොටින්ගේ කෘෘර ඝාතන ජිනීවා වාර්තාවෙන් වසන් කළ හැටි

colombotoday

ඇමෙරිකා තානාපති ජුලී චන්ග් අධිකරණ ඇමති හමු වෙයි

Admin

බස් රථයක් තුලදී රාජ්‍ය නිලධාරිනියකට ලිංගික හිංසනයක් කළ සැකකරු අත්අඩංගුවට

colombotoday

බිත්තර ආනයනය කරන්නේ අවශ්‍යනම් පමණයි

Admin

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකුගේ කෝටි 10ක වත්කම් පොලිස් භාරයට

Admin

12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1257 කින් ඉහළට.

colombotoday