Colombo Today Local NewsHot News

අලුත්ම නීතියක් පාර්ලිමේන්තුවේදී සම්මතයි.. ”හැප්පුණොත් ඔන් ද ස්පොට්” ඉන්දියන් කාර් එක මෙරට වෙළදපොලට

නවතම වාහන දෙකක් මෙරටට හදුන්වාදීම සදහා අදාළ නීති ඊයේ 05 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය.

එයින් එක් රථයක් Quadricycle (කොඩ්රිසයිකල්) මාදිලියේ එකක් වන අතර අනිත් රථය “මෝටර් හවුස්“ යනුවෙන් හදුන්වන වාහනයකි.

මෝටර් රථ වාහන පනත යටතේ ඊයේ අනුමත කළ නීති අනුව මෙරට මාර්ගවල ධාවනයට ඉහත වර්ගයේ වාහනවලට මින් පසු අවසර ලැබෙන බවත්, ත්‍රීරෝද රථ වෙනුවට මෙම නවතම රෝද හතරේ වාහනය මෙරට ප්‍රචලිත කිරීම ඇරඹෙන බවත් ප්‍රවාහන නියෝජ්‍ය ඇමති අශෝක අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

කෙසේ වෙතත් Quadricycle (කොඩ්රිසයිකල්) මාදිලියට අයත් බජාජ් කූට් වර්ගයේ මොටර් රථ කිහිපයක් පරීක්ෂණ ධාවන සදහා මෙරටට ගෙන්වා තිබුණු අතර, එම මෝටර් රථ මෙරට වෙළදපොලට හදුන්වාදීම සම්බන්ධයෙන් මීට පෙර සමාජ ජාලා ඔස්සේ දැඩි විරෝධයක්ද එල්ල විණි.

එම මෝටර් රථ වර්ගය ලොව පවතින ආරක්ෂාකාරී බව අතින් දුර්වලම තත්වයේ මෝටර් රථයක් වන අතර Euro NCAP පරීක්ෂණ මගින්ද එය තහවුරු කර ඇත.

Related posts

අමල් ඇතුළු 18ක් කොකේන් පාවිච්චි කරලා… තවත් 8ක් ළග කොකේන් තිබිලා – ඩුබායි පොලිසිය තහවුරු කරයි

colombotoday

මහින්දගේ නිවසේ කුලිය ලක්ෂ 46යි ජනපතිගෙන් මහා හෙළිදරව්වක්

Admin

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය – තිලංග යලි කඳවුරු බඳියි – නිශාන්තත් තරග බිමේ

colombotoday

පාසල් සිසුවියකට අසභ්‍ය දර්ශන යැවූ ගුරාට වැඩ වරදි

Admin

කොරෝනා නිසා රටපුරා පෙරුම්කායන් හිගයක් !

colombotoday

ලංකාවේ මුද්‍රණ කඩදාසි හිඟයක්.. බහාලුම් මිලත් ඉහළට

colombotoday