Colombo Today Local News

ඇමති ෆවුසිට වාහනයක් ගන්න කෝටි 4ක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාට වාහනයක් ලබා ගැනීම සදහා රුපියල් කෝටි 4ක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් ඊයේ 05 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඊට අමතරව විශේෂ කාර්යභාර අමාත්‍යාංශයට සහ ජාතික සහජීවන හා සංවාද රාජ්‍ය භාෂා අමාත්‍යාංශය සදහා කල්බදු ක්‍රමය යටතේ ලබාගත් වාහන දෙකකට කුලී ගෙවීම සදහා පිලිවෙළින් රුපියල් හතළිස් එක්ලක්ෂයක් සහ රුපියල් දහඅට ලක්ෂයක් ඉල්ලා ඇත.

අගමැතිවරයාගේ ආරක්ෂක අංශය සදහා වාහන වෙනුවෙන් රුපියල් කෝටියක මුදලක්ද ඉල්ලා ඇති අතර, නායක ස්වාමීන්වහන්සේ නමක් වෙනුවෙන් වාහනයක් ලබා දීම සදහා රුපියල් දෙකෝටි දහතුන් ලක්ෂ අනූදාහසක මුදලක්ද ජනාධිපතිවරයා විසින් ඉල්ලා තිබේ.

ශැංග්‍රිලා හෝටලයේ යටිතල පහසුකම් සැපයීම සදහා කොළඹ මහ නගරසභාවට ගෙවිය යුතු හිග මුදල වෙනුවෙන්ද රුපියල් තිස් හතර කෝටි විසිලක්ෂයක මුදලද් මෙම පරිපූරක ඇස්තමේන්තු මගින් ඉල්ලා ඇත.

 

Related posts

කොළඹ මහල් නිවාස සංකීර්ණ 06ක් හුදෙකලාභාවයෙන් ඉවතට

colombotoday

බලශක්ති ක්ෂේත්‍රය අහිමි වීමේ අවදානමක්… සිපෙට්කෝ ඉන්ධනහල් විකිණෙයි

colombotoday

ගෑස් හිඟයක් නැහැ ලබන සතියෙත් ගෑස් මිල අඩු කරනවා – ලිට්‍රෝ සමාගම

Admin

“ගුරුවරුන් නාවත් පාසල් පවත්වගෙන යන්න අපි දන්නවා’’

colombotoday

ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙක් අල්ලස් දැලේ

colombotoday

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොරෝනා ඇරඹී ඇත්තේ මීට සති දෙකකට කලින් – වෛද්‍ය සුදත් සමරවීර

colombotoday