Colombo Today Local News

සහනාධාරය නැවතත් ක්‍රියාත්මකයි… අද මධ්‍යම රාත්‍රියේ සිට පොහොර මිටිය රුපියල් 500ට

මෙවර යළ කන්නයේ සිට නැවතත් පොහොර සහනාධාරය ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද මාධ්‍යම රාත්‍රියේ සිට පොහොර සහනාධාරය ලෙස වී ගොවීන්ට කිලෝග්‍රෑම් 50 ක පොහොර මිටියක් රුපියල් 500 කටත්, අනෙකුත් අතිරේක බෝග සඳහා පොහොර මිටියක් රුපියල් 1500 කටත් ලබාගත හැකි බවයි කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානාක මතතා පවසන්නේ.

පොහොර මිටිය රුපියල් 350ක සහන මුදලකට පසුගිය මහින්ද රාජපක්ෂ රජය විසින් ගොවීන්ට ලබා දුන් අතර, වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව පොහොර වෙනුවට මුදල් ලබාදීමට කටයුතු කළේය. නමුත් එම වැඩ පිළිවෙල අවුල් සහගත හා අසාර්ථක එකක් වූ බවට චෝදනා එල්ලවුණු අතර පසුගිය මැතිවරණයේදී රජයට ගොවි ජනතාවගේ බහුතරයක් ඡන්ද අහිමිවීමට එය හේතු වූ බවට මත පලවිණි.

Related posts

ලබන සතියේ පාර්ලිමේන්තු දින 3ක්

Admin

අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට බලපෑම්.. නිවාස 483කට හානි

colombotoday

විජයකලාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන්න – ප්‍රතිභා මහානාමහේවා

colombotoday

අයවැය ජනවාරි මුල් සතියේ

colombotoday

“සිංහලේ රට” සුද්දන්ට සිලෝන් වූ හැටිත් ප්‍රභාකරන්ට ඊළම වූ හැටිත් ගම්මන්පිල පහදයි [Video]

colombotoday

අධික රස්නයෙන් ආරක්ෂා වෙන්න – කාලගුණය අනතුරු අඟවයි

Admin