Colombo Today Local News

එජාපයේ තීරණයට ජනපති හරස් වෙයි… ආණ්ඩුව තවත් අවුලක…

විශ්වාසභංග යෝජනාවෙන් පසු ආණ්ඩුවේ ඉදිරි කටයුතු පිලිබද සාකච්ඡා කිරීම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් ඊයේ 05 රාත්‍රියේ පැවැත්වී තිබෙනවා.

එජාපයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පිරිසක්ද මෙය සහභාගී වී තිබෙන අතර විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කළ ශ්‍රීලනිප ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට අග්‍රාමාත්‍යවරයා අදහස් දක්වා තිබෙන බව පැවසෙනවා.

එහෙත් ජනාධිපතිවරයාගෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බවයි පැවසෙන්නේ.

විශ්වාසභංග යෝජනාවට සහය පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිස අනිවාර්යයෙන් ආණ්ඩුවෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න ‘බීබීසි සිංහල සේවය’ට අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇති අතර, ආණ්ඩුව තුළ අනිවාර්යයෙන් රැඳී සිටිමින් කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තම කණ්ඩායමෙන් ඉල්ලීමක් කළ බවත්, ජනාධිපතිතුමාගේ කැමැත්ත අනුව ඇමති පදවිවල දිගටම රැඳී සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කම්කරු ඇමති ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න ප්‍රකාශ කර තිබිණි.

ශ්‍රීලනිප ඇමතිවරුන් වහාම ආණ්ඩුවෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් එජාප මන්ත්‍රීවරුන් තින් තුන් දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් අගමැතිවරයාට යොමුකර තිබුණි.

කෙසේ වෙතත් අගමැතිවරයාට එරෙහිව ඡන්දය භාවිතා කළ ශ්‍රීලනිප ඇමතිවරුන් පවසන්නේ, අගමැතිවරයා පිළිබද අවිශ්වාසයක් තිබුණද කැබින්ට් මණ්ඩලය තුල රැදී සිටීමේ හැකියාවක් ඇති බවයි. ආණ්ඩුවෙන් සහ ඇමති තනතුරුවලින් ඉවත් වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝග අනුව පමණක් බවද ඔවුන් කියා සිටිති.

Related posts

කැමරාවක් ගත් පමණින් මාධ්‍යවේදියෙක් වෙනවද ? – ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන

colombotoday

රාජ්‍ය සේවකයින් ලක්ෂ පහමාරකට වැටුප් ගෙවීමකට නොහැකි තත්ත්වයක් – අමාත්‍ය වජිර අබේවර්ධනගෙන් නිවේදනයක්

colombotoday

ගිනිගත් යාත්‍රාවක් සොයා අක්කරේපත්තු මුහුදේ විශේෂ මෙහෙයුමක්

Admin

ජනතාවට සාධාරණව ඉන්ධන බෙදා හැරීමට රජය අසමත් – නීතිඥ සංගමය

colombotoday

විපක්ෂ නායක සම්බන්ධන් NGO නඩයක් සමග හමුදා කදවුරකට කඩා පනී.. හමුදාව පොලීසියේ පැමිණිල්ලක් දමයි

colombotoday

දකුණු පළාතට විදුලිය සම්ප්‍රේෂණ පද්ධතිය ස්ථාපනය කිරීම: ප්‍රශ්නගත ඉඩම් හිමියාගෙන් එකඟතාවක්

Admin