කැලණි රජමහා විහාරස්ථානයේ ධාතු මන්දිරයට ඇතුළු වූ සොරෙකු එහි තැන්පත් කර තිබූ මිලකළ නොහැති පෞරාණික භාණ්ඩ තොගයක් පැහැරගෙන ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
ගජමුතු 10ක්, රන් බුදුපිළිම, රන් මාල සහ මැණික් ගල් අතුළු මිල කළ නොහැකි තරම් වටිනාකමකින් යුත් පෞරාණික භාණ්ඩ රැසක් මෙලෙස සොරාගෙන ඇත.
මේ සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන් කැලණිය පොලිසියට පැමිණිලි කර තිබේ.
වන්දනා කිරීමට මෙන් ධාතු මන්දිරයට ඇතුළුවූ අදාළ සොරා එහි ඇති වටිනා දේ සිය බෑග්මල්ලට දමාගෙන එය පිටේ එල්ලාගෙන ධාතු මන්දිරයෙන් පිටව යන අයුරු එම විහාරස්ථානයේ සී.සී.TV කැමරාවල සටහන්ව ඇත.
මේ මංකොල්ලයට සම්බන්ධ බවට සැකකරණ අය පහත දැක්වේ.