Colombo Today Local News

“දෙවියන්ට හොදින් කන් ඇහෙනවා… ලවුඩ්ස්පීකර් හඩ අඩු කරන්න“ – විනිසුරු ඉලන්චේලියන්ගෙන් තීන්දුවක්

”දෙවියන්ට මනුෂ්‍යන්ට වඩා හොඳින් කන් ඇසෙන නිසා කෝවිලේ ශබ්ද වාහිනී යන්ත්‍ර වල ශබ්දය වහාම අඩු කොට දෙවියන් උදෙසා භක්තියෙන් යුතුව පූජා පවත්වන්නැයි” යාපනය මහධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් මහතා යාපනයේ නායන්මාර්කණ්ඩු කෝවිලේ පූසාරිවරයාට නියෝග කොට තිබේ.

මීට සති තුනකට පෙර මෙම කෝවිලේ ශබ්ද වාහිනී යන්ත්‍ර වල හඬ අඩුකරන ලෙස යාපනය මහධිකරණ විනිසුරුවරයා නියෝගයක් නිකුත් කොට තිබුණේ එම පළාතේ පිරිසක් විසින් මහාධිකරණය වෙත ඉදිරිපත් කරණ ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.

එම පෙත්සම මගින් කියා තිබුණේ පළාතේ පාසලට, ඉගෙණුම ලබන ළමුන්ට හා රෝගීන්ට මෙම කොවිලේ ශබ්ද වාහිනී යන්ත්‍ර වල හඬ විශාල බාධාවක් බවයි.

ඒ අනුව කෝවිලේ ශබ්ද වාහිනී යන්ත්‍රවල හඬ අඩු කරණ මෙන් නියෝග කල මහාධිකරණ විනිසුරුවරයා ඒ පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරණ මෙන් පළාතේ ග්‍රාම නිලධාරිවරයාට දැණුම් දී තිබුණි.

ග්‍රාම නිලධාරීවරයා විසින් ඉදිරිපත් කරණ ලද වාර්තා දෙකක සඳහන්ව තිබුණේ කෝවිලේ ශබ්දවාහිනී යන්ත්‍රවල හඬ අඩු කොට නොමැති බවයි.

මේ අතරතුර කළින් පිරිස විසින්ම යළිත් මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරණ ලද අතර පෙත්සම සලකා බැලීමට සියළු පාර්ශ්ව අප්‍රේල් 2 දා යාපනය මහධිකරණයට කැඳවා තිබුණි.

මෙහිදී අධිකරණයේ නියෝග මත ශබ්ද වාහිනී යන්ත්‍ර වල හඬ අඩු නොකිරීමට හේතුව විමසූ අවස්ථාවේදී කෝවිලේ පූසාරිවරයා පවසා ඇත්තේ දෙවිවරුන් ශබ්ද පූජාවන්ට වඩාත් ප්‍රිය බව සඳහන් නිසා තමන් කෝවිලේ ශබ්ද වාහිනී යන්ත්‍රවල හඬ වැඩි කළ බවයි.

එම පිළිතුර අනුව තීන්දුව දෙමින් මහධිකරණ විනිසුරු වරයා පවසා ඇත්තේ ”දෙවියන්ට මනුෂ්‍යන්ට වඩා හොඳින් කන් ඇසෙන නිසා කෝවිලේ ශබ්ද වාහිනී යන්ත්‍ර වල ශබ්දය වහාම අඩු කොට දෙවියන් උදෙසා භක්තියෙන් යුතුව පූජා පවත්වන්න ලෙසයි.

දිනසේන රතුගමගේ

Related posts

මොහොමඩ් නබිට අපහාස කලායැයි මරණ දඬුවම නියම වූ කාන්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණය නිදහස් කරයි

colombotoday

ලිට්රෝ ගෑස් මිල ඉහළට.. අලුත් මිල ගණන් මෙන්න !

colombotoday

යහපාලකයෝ වකුගඩු රෝගීන්ට වහ කවයි! වකුගඩු රෝග නිවාරණයත් කෘෂි රසායන සමාගම් අතට !!

colombotoday

පාස්කු ප්‍රහාරයේ මුලික අයිතිවාසිකම් පෙස්සම් තීන්දුව හෙට

Admin

පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත හෙට මැතිසබයට

Admin

පුරාවිද්‍යා අපරාධවලට අවම දඩය ලක්ෂ 05 ක් කරයි

colombotoday