Colombo Today Local News

වහා ඉල්ලා අස්වෙන්නැයි ශ්‍රීලනිපය අගමැතිට දන්වයි.. විශ්වාසභංගයට ඒකමතිකව පක්ෂයි.. ඊයේ රෑ ගත් තීරණය මෙන්න

විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වීමට පෙර එම ධුරයෙන් ඉවත් වන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (2) රාත්‍රී රැස්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීන්දු කර ඇත.

මේ මොහොතේ තිබෙන ගෞරවනීය විසඳුම එය බව ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමේ අදහස වී ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා එක්ව හෙට දිනයේ රැස්වී අගමැතිවරයා මුණ ගැසී මෙම ඉල්ලීම ඉදිරිපත් කිරීමටද නියමිතය.

මෙම ඉල්ලීමට එකග නොවන්නේ නම් විශ්වාසභංගයේදී අගමැතිවරයාට එරෙහිව ඡන්දය භාවිතා කිරීමට සිදුවන බවද දැනුම් දීමට නියමිතය.

මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සඳහා සියලු දෙනා සහභාගි වී ඇති අතර ඒකමතිකව මෙම තීන්දුව ගෙන ඇත.

Related posts

රිෂාඩ්ගේ බිරිද, මාමණ්ඩි සහ තැරැව්කරු පැය 72ක් රදවාගෙන ප්‍රශ්න කරන්න යයි ?

colombotoday

වෙන්නප්පුව ප්‍රදේශයේදී STF මෙහෙයුමකින් කඩු ඇතුළු තියුණු ආයුධ සමග සැකකරුවෙක් අල්ලයි

colombotoday

තායිලන්ත අගමැති මෙරට සංචාරයක

Admin

හෙරොයින් සමග සැකකරුවෙක් කොටු

colombotoday

රජයේ අවශ්‍ය සහයෝගය දෙන්නේ නම්, පැලවත්ත කිරි රටටම දෙන්න සූදානම්

colombotoday

මෙරට ඉන්දීය මහ කොමසාරිස් ජනපති, අගමැති සහ විදේශ ඇමති හමුවෙයි

colombotoday