Colombo Today Local News

මුලතිව් දිස්ත්‍රික්කයට සිංහලයන් එපා.. පදිංචිකිරීම් නවතනු – උතුරේ සංවිධාන විරෝධතා..

උතුරු පළාතේ මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ සිංහල ජනාවාස ඉදිකිරීමට විරෝධය පළකරමින් උතුරේ ස්‌වෙච්ඡා සංවිධාන කීපයක්‌ 30දා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වී තිබේ.

යාපනයේ කයිතඩි ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත පිරිස අනතුරුව ප්‍රධාන අමාත්‍යවරයාට ලිපියක්‌ද භාරදී තිබෙන බව වාර්තා වේ.

එම ලිපියෙන් ඉල්ලා ඇත්තේ මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ මායාපුර නමින් අලුතින් සිංහල වැසියන් පදිංචි කෙරෙන ජනාවාසයද නායාරු, කෝකිලායි, බෝගස්‌වැව යන ප්‍රදේශවල දකුණේ සිංහල වැසියන් රැගෙන විත් පදිංචි කරවීමද වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙසයි.

මෙලිසින් මුලතිවු දිස්ත්‍රික්කයේ පදිංචි කෙරෙන්නේ මින් පෙර උතුරු පදිංචිව නොසිටි සිංහල වැසියන් බවයි විරෝධතාකරුවන් පවසන්නේ.  මෙය හුදෙක්‌ම උතුරේ සිංහල දේශපාලන බලය වැඩි කරගැනීම පිණිස ගෙන යන දේශපාලනික වැඩපිළිවෙළක්‌ බවද ඔවුන් විසින් මහ ඇමතිට භාර දුන් ලිපියේ සඳහන් කොට තිබේ.

මේ සිංහල ජනාවාස ඇති කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කෙරෙන යෝජනාවක්‌ උතුරු පළාත් සභාවේද සම්මත වී ඇති බැවින් මුලතිව් දිස්‌ත්‍රික්‌කය ඇතුළුව උතුරේ සිංහල වැසියන් බලහත්කාරයෙන් පදිංචි කරවීම වහාම නතර කරන ලෙස ඉල්ලා තිබේ.

 

Related posts

වහබ්වාදය පිළිනොගන්නා බව පැවසීමට උලමා අපොහොසත් වෙලා. – බොදු බලෙන් ලිපියක්

colombotoday

සබීතාගේ බිල්ඩිමෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය වහාම ඉවත් කරගන්නැයි ජනපති දන්වයි

colombotoday

ගුරුවරු ඔන්ලයින් අතහැර වර්ජනයම තෝර ගනී

colombotoday

ණය කියක් ගෙවන්න තියනවද කියලා හරියට තොරතුරුවත් නෑ – අගමැති රනිල්

colombotoday

පාසල්වල විෂමාචාර නවත්වන්න සමාජ බුද්ධි ඒකකයක්

Admin

බදුර්දීන්ගේ මල්ලී රිමාන්ඩ් කෙරේ..

colombotoday