ශ්‍රී ලංකාවේ මුල් පෙළේ විශේෂඥ ප්‍රජා වෛද්‍යවරයෙකු, ලේඛකයෙකු සහ නිදහස් චින්තකයෙකු වන වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
රෝගාතුරව සිටි ඒ මහතා මිය යනවිට 65 වන වියේ පසුවූ අතර මාළබේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.
සිය වෛද්‍ය වෘත්තියට අමතරව මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය මගින් ජාතියේ සෞඛ්‍ය සංරක්ෂණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ මෙහෙවරක යෙදුණු ඔහු බලවත් සේ රෝගීව සිටියදී පවා ග්‍රන්ථකරණයේ යෙදී ඇත.
පසුගිය දිනවල කතාබහට ලක්වුණු වද පෙති සිද්ධියේදී ඒ මහතා කළැයි කී ප්‍රකාශයක් මහත් ආන්දෝලනයකට ලක්විය.