Colombo Today Local NewsTop Stories

අගමැති කාර්යාලයේ “සමරිසි” පාඩමට මහා සංඝරත්නයේ විරෝධය (Video)

“සමසේ සිතීම” යන තේමාව යටතේ මුල් ළමාවිය සංවර්ධනය කිරීමේ මුවාවෙන් වයස අවුරුදු 3 සිට 7 දක්‌වා වූ වයසේ ළමුන් සමලිංගික සේවනයට යොමු කිරීමේ ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක වන බව කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පැවැසූහ. උන් වහන්සේ ඒ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (27 දා) “මහජන රාජ්‍ය සභාව” නාවල රාජගිරියේ පිහිටි ජාතික සංවිධාන පොදු මධ්‍යස්‌ථානයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ උන්වහන්සේ මෙසේද පැවැසූහ.

මේ රට තුළ ක්‍රියාත්මක ළදරු පාසල් 19,000 ක්‌ සහ තවත් පූර්ව ළමා විය සංවර්ධනය කරන පාසල් 9000 ක්‌ පමණ පදනම් කරගෙන අඳුරු අදහසක්‌ ව්‍යාප්ත කරමින් සිටිනවා. මෙම වැඩපිළිවෙළ ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට නියාමන ව්‍යාපෘතියක්‌ ලෙස කරනවා. මෙහි අරමුණ වයස අවුරුදු 3 ත් 7 ත් අතර වයසේ ළමුන් සඳහා සමලිංගික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තමයි.

අපි සෑම පුද්ගලයකු ගැනම සමානව සිතන, සමානව සලකන ජාතියක්‌. අපි කාටවත් වෘත්තිය අනුව, විවිධත්වය අනුව, විෂම ලෙස සැලකුවේ නෑ. එම නිසා මෙම ව්‍යාපාරය නිසා සිද්ධවෙන්නේ නැති ප්‍රශ්නයක්‌ ඇතිවීම පමණයි.

අපි දන්නවා යුද්ධය පැවැති සමයේදී යුද්ධයට උපකාරී වන ලෙස සාම වැඩසටහන් පැවැත්වූ ආකාරය. ඒ ආකාරයටම මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ අපගේ සංස්‌කෘතියට පහරදීම සඳහායි. එම නිසා දරු පවුල් ආරක්‍ෂා කර ගනිමින් ජීවත් වූ අය විනාශ වෙනවා.

අද වන විට සමලිංගික අය පාර්ලිමේන්තුවේ සිටිනවා. මෙම වැඩපිළිවෙළ හරහා සමලිංගිකයන් රට පුරාම ප්‍රචාරය කරනවා. ඒ වගේම ප්‍රායෝගික පුහුණුව ලබාදීම සඳහාත් කටයුතු කරනවා. ඒ හරහා ජාතිකත්වය විනාශ කිරීමට කටයුතු කරනවා. මේ වගේ දේ කරන්නේ මේ රටේ වෙන ප්‍රශ්න නැතුවද? ඒ වගේම මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුවෙන් අහලද?

මේ ආකාරයට අසාමාන්‍ය ප්‍රජාවක්‌ ඇති කිරීම සඳහා තමන්ගේ ළමයින් දෙනවාද යන්න දෙමවුපියන් තීරණය කළ යුතුයි. මෙම කටයුතු ඉවසා වැදැරීම සඳහා තව කොපමණ කාලයක්‌ ගන්නවාද?

“අපේ ඉලක්කය වසය 3-7 දරුවන්” – පාසල්වල “සමලිංගික” සමානතාවය උගන්වන ව්‍යාපෘතියේ LGBT ප්‍රධානියා කියන කතාව මෙන්න

Related posts

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීමට ණය ඇපකර ලබාදීම වසර අවසානයේ…

Admin

නාවික හමුදාවේ නිපදවූ යාත්‍රා 09ක් මුල් වරට විදේශ රටකට

colombotoday

යාපන ශිෂ්‍ය සංගමයට හිටි හැටියේම සිංහල බැරිවෙයි.. ආණ්ඩුකාරයාගේ ලිපිය හරවා යවයි !

colombotoday

“ගමේ ශ්‍රීලනිප පාක්‍ෂිකයා තවමත් මහින්දත් එක්‌කයි.. අපි ළගදිම එකතු වෙනවා” – ඉසුර දේවප්‍රිය

colombotoday

ගෝඨාභය හිරේ දමන්න රාජපක්ෂ පවුලේ කුමන්ත්‍රණයක්.. ගෝඨාභය රටින් පිට වෙයි (Video)

colombotoday

නිධන් සොයා කැණීමක් කල 5ක් අත්අඩංගුවේ

Admin