Colombo Today Local News

සිසුන් 969 දෙනෙකුගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අත්හිටුවයි

අ.පො.ස.(සා.පෙළ) 2017 විභාගයයේ ප්‍රතිඵල එළඹෙන මාර්තු මස 28 දින නිකුත් කිරීමට තීරණය කර ඇති අතර විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් 969 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට තීරණය කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පැවසීය.

චෝදනා වලට ලක්වූ විභාග අපේක්ෂකයන්ගෙන් ඇතැමෙකු මෙම චෝදනා සත්‍ය බව ඔවුන් දන්නා නිසා චෝදනා විභාග කිරීමේ අවස්ථාවලට නොපැමිණි බව ද ඔහු ප්‍රකාශ කළේය.

මෙවර පැවති විභාගය සම්බන්ධව පැමිණිලි 2,804 ක් ලැබුණු බවත් විමර්ශන වලින් පසුව 1,829 දෙනෙකු නිදොස් වූ බවත්, ඉතිරි 969 දෙනාගේ චෝදනා තහවුරු වූ බැවින් ප්‍රතිඵල අත්හිටුවීමට කටයුතු කරන බවත් විභාග කොමසාරිස්වරයා කීවේය.

2017 අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවෝ 688573 දෙනෙකු පෙනී සිටියහ.

Related posts

කාමාතුරයින්ට එරෙහිව නීතිය දැඩිකරන්න කැබිනට් අනුමැතිය

Admin

සා /පෙළ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුල

colombotoday

“අපේ අයවැය දැක IMF ඉතා සතුටට පත්වෙලා.. තවත් ණයක් දෙන්න ලෑස්ති“ – මුදල් ඇමති රවී

colombotoday

අපි බොරු කියලා තියනවනම් ඔප්පු කරනු

Admin

දුප්පත්කම නැති කරන්න ජනාධිපති කාර්යසාධක බලකායක් !

colombotoday

බැඳුම්කර ලාභයෙන් කොටසක් ඇලෝසියස්ගේ අරක්කු සමාගමට !

colombotoday