Colombo Today Local News

මාකඳුරේ මධුෂ් ඉතාලියට පනී..

පාතාල නායකයෙකු වන මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් නමැත්තා මේ වන විට ඉතාලියේ සිටින බවට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අනාවරණ කරගෙන ඇතැයි වාර්තාවේ.

එහි උසස් නිලධාරියෙකු අනාවරණය කර ඇත්තේ, සැකකාර මධුෂ් ඉතාලියේ සිට ස්විට්සර්ලන්තය වෙත යාමට උත්සාහ කරමින් සිටින බවයි.

සැකකරු මීට පෙර ඩුබායි හි සැඟව සිට ඇති අතර එරට ඇති නීති ක්‍රමවේදය හේතුවෙන් මෙරට ආරක්ෂක අංශවලට ද ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.

කෙසේ වෙතත්, ඔහු ඉතාලියේ රැදී සිටින ස්ථානය හඳුනාගෙන ඇති අතර, නුදුරු දිනෙකදීම මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගන්නා බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

අරුණ දමිත් උදයංග හෙවත් සමයං සහ මෑතකදී ඝාතනයට ලක්වූ කොස් මල්ලී නැමැත්තා ද ඝාතනය කිරීමේ මෙහෙයුම් සිදුකර ඇත්තේ මාකඳුරේ මධුෂ් විසින් බවයි පොලිසිය සදහන් කලේ.

Related posts

උදයංගව නිදහස් කල බව අපි දන්නෑ.. ඔහුව අත්අඩංගුවට ගන්න කණ්ඩායම් දෙකක් යැව්වා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday

රනිල් ඇතුළු පිරිසකට වාරණ නියෝගයක්

colombotoday

විදුලි බිල නගී.. 66% ගාස්තු සංශෝධනයට බිල වැඩි වෙන්නේ මෙහෙමයි

Admin

පුවක් ගෙඩියත් 20ට නගී

colombotoday

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා ඇඳිරි නීතිය දිගටම. අනෙකුත් පළාත් සඳහා පැය 6කට ඉවත් කෙරේ

colombotoday

පල්ලේකැලේ ක්‍රිකට් පිටියට හෙළුවෙන් පැන්න සුද්දාට වැඩ වරදී !

colombotoday