Colombo Today Local News

රනිල් බේරගන්න සල්ලි බෙදන ඇමැති කවුද? විමල් පාර්ලිමේන්තුවේදී හෙළි කරයි (Video)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසභංග යෝජනාවෙන් බේරාගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට මුදල් බෙදා දීම ආරම්භ වී තිබෙන බවත් කොළඹ කිංස්බරි හෝටලයේදී එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රබලයකු විසින් එක්සත් ජාතික පක්‍ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට මුදල් පාර්සලයක් ලබාදී තිබෙන බවත්, ඒකබද්ධ විපක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පෙරේදා (23දා) සිකුරාදා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

එක්සත් ජාතික පක්‍ෂයේ එම ප්‍රබලයා කැබිනට් අමාත්‍යවරයකු බවත්, ඔහු පාර්ලිමේන්තුවේ අසුන් ගන්නේ තමාට ඉදිරිපිට පිහිටි ආණ්ඩු පක්‍ෂයේ ආසන පේළියේ 4 වැනි ආසනයේ බවත් එම මුදල් ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා මේ අවස්ථාවේදී මැති සබයේදී සිටින බවත් විමල් වීරවංශ මන්ත්‍රිවරයා තවදුරටත් පැවැසීය.

Related posts

මෙහෙම ගියොත් රටට අබ සරණයි – ඤාණසාර හිමි සිරගත කිරීම ගැන මුස්ලිම් ජාතිකයෙක් හඩ අවදි කරයි

colombotoday

සමන්ත විද්‍යාරත්න හා නාමල් කරුණාරත්න අත්අඩංගුවට

colombotoday

වෛරීව නොබලන්න.. ජනතාව දුන් පණිවුඩය හරියට තේරුම් ගන්න

colombotoday

“දූෂණ, වංචා පරීක්ෂණ පක්ෂග්‍රාහීයි“ – ජනපතිගෙන් නැවතත් ප්‍රහාරයක් !

colombotoday

ඔක්තෝබර් මසයේ රේගු ආදායම වාර්තාගත ලෙස ඉහළට

Admin

ජල බිල්පත් ගෙවීම 15% කින් පහළට

Admin