Colombo Today Local NewsColombo Today Sports News

ජයග්‍රහණයෙන් වියරු වැටී බංගලි ක්‍රීඩකයෝ යකා නටති.. විවේකාගාරයට පහරදී වීදුරු කුඩු පට්ටම් කරති

නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව තරගය අතරතුර ඇතිවූ සිදුවීමක් මත බංගලාදේශ ක්‍රීඩකයින් කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ විවේකාගාරයේ දේපළවලට හානිකර ඇති බවට වාර්තා වේ.

ඊයේ පැවති තරගයේ බංග්ලාදේශ ඉනිමේ අවසන් පන්දුවාරයේදී දෙපිලේ ක්‍රීඩකයින් අතර බහින්බස් වීමක් දක්නට ලැබුණි.

ඒ, හේතුවෙන් තරගය සුළු වේලාවකට නතර කිරීමට ද සිදු විය.

තරගයෙන් බංග්ලාදේශයට කඩුලු 2ක තියුණු ජයක් හිමි වූ අතර ඔවුන් ඉන්දියාව සමග පැවැත්වෙන අවසන් මහා තරගයට ද සුදුසුකම් ලබා ගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජයත් සමගින් නිදහස් කුසලාන තරගාවලියෙන් ඉව ත් විමට සිදුවිය.

Related posts

කිලිනොච්චියේදී පොලීසියට තග දැමූ චන්ඩියා රිමාන්ඩ්

colombotoday

මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවුවන් කවදාවත් බන්ධනාගාරගත කරන්නේ නෑ.. රට තුළට එන මත්ද්‍රව්‍ය නතර කරනවා..

colombotoday

ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකුට වහාම ධුරවලින් ඉල්ලා අස්වෙන්නැයි ජනපති දන්වයි…

colombotoday

ඒකාබද්ධ විපක්ෂය කලු පටි බදී.. පාර්ලිමේන්තුව අත්හිටුවයි

colombotoday

විකෘති ආගමික ඇදහිලි හොයන්න කැබිනට් කමිටුවක්

Admin

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හිමි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සමාව ඉල්ලයි

colombotoday