Colombo Today Local News

ෆේස්බුක් තහනම ඉවත් කරන්න ලේසියෙන් බෑ… රජයේ කොන්දේසි මෙන්න

ජාතිවාදය සහ ජාතික ආරක්ෂාවට හානි වෙන  වෙබ් අඩවි භාවිතයෙන් ඉවත් කිරිම ඇතුලූ රජය ලබාදෙන කොන්දේසි ඉටුකිරිමට ෆේස් බුක් ආයතනය කටයුතු කළහොත් එම තහනම ඉවත් කිරිමට පියවර ගන්නා බව විදුළි සංදේශන ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය.

ෆේස්බුක් ආයතනය සමඟ මේ පිලිබඳව දිගින් දිගටම සාකච්ඡා සිදුකරමින් සිටන බවත් ඔවුන්ගෙන් යහපත් ප‍්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්  අමාත්‍යවරයා කියා සිටියේය.

ෆේස්බුක් තහනම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ  අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා මෙසේද කීය.

 ‘‘අපිට මේක දේශපාලන ප‍්‍රශ්ණයක්  නෙමෙයි. නමුත් ජාතික ආරක්ෂාවට හෝ  ජාතිවාදය අවුස්සන ප‍්‍රශ්ණ වලට   ඉඩ ලබාදිය නොහැකියි.

මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න ෆේස් බුක් ආයතනය නිර්දේශය දෙනකං තමයි අපි බලන් ඉන්නේ. ජාතිවාදය  ඇතුලූ  කරුණු  සම්බන්ධයෙන්  වෙනස්කම්  කරන්න කියලා අපි දිගින් දිගටම ඉල්ලීම් කරලා තිබුණට එම ආයතනය ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් අරගෙන තිබුනේ නැහැ.

මෙම ගැටලූවේදී මේක තමයි අපිට තිබුන ලොකුම බාධකය.  නමුත් මේ අය දිගින් දිගටම මේ ගැන කිසිදු දෙයක් කරලා තිබුනේ නැහැ.  ඒ අය කියන්නේ සිංහල කියවන්න පුලූවන් අය ඒ අයට අඩුය කියලා.

එදා දවසේ අපි මේ තීන්දුව ගත්තේ නැත්නම්  මේ ප‍්‍රශ්ණය විසදන්න ලැබෙන්නේ නැහැ. ෆේස්බුක් ආයතනය අපිට කියලා තියෙනවා මේ සම්බන්ධයෙන් කථා කරනවා කියලා. මේ සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනයේ  තීන්දුව ලබාදෙනකන් අපි බලාගෙන ඉන්නේ.
ජාතිවාදය සහ ජාතික ආරක්ෂාවට හානි වෙන  බවට විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව හෝ සර්ට් ආයතනය හෝ දෙන  ඕනෑම වෙබ් අඩවියක් අයින් කරනවා කියන කොන්දේසිය  ඔවුන් අපිට ලබා ලබාදිය යුතුයි.

ඒ වගේම සිංහල කියවන්න පුලූවන් වැඩි දායකත්වයක් ගන්න අය ෆේස්බුක් එකට ඇතුළත් කරගන්නවනම්  අපි මේ තහනම ඉවත් කරගන්නවා කියන එක තමයි අපේ ස්ථාවරය’’ යැයිද ඔහු පැවසීය.

ලංකාදීප

Related posts

“ජනතාව ඔබට ඡන්දය දුන්නේ රට බෙදන්න නෙවෙයි“ – ගැටඹේ නාහිමි ජනපතිට ලියයි

colombotoday

දෙවන තරගයේ ජය තියුණු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට

Admin

රෑට මහ පාරේ රේස් පැද්ද යතුරුපැදි 24ක් අත්අඩංගුවට. පැද්ද අයට මෙන්ම හිමිකරුවන්ටත් නඩු

colombotoday

මේ වසරේ දී පමණක් පුත්‍රයින්ගේ පහරදීමෙන් පියවරු 6ක් ඝාතනය වෙලා.

colombotoday

බලලෝභී නායකයන් ගෙදර ගිහින් ශ්‍රීලනිපය තරුණයන්ට බාරදිය යුතුයි.

colombotoday

කටුනායක ගුවන්තොටුපල මාස තුනකට වහයි.. සියළු ගුවන් යානා මත්තලට හරවයි !

colombotoday