Colombo Today Local News

බිත්තර අතිරික්තයක් තිබියදී බිත්තර කන්ටේනර් 6ක් ඉන්දියාවෙන් ගෙන්වයි.. දේශීය නිෂ්පාදකයාට වහ කන්න වෙයි

රටේ බිත්තර අතිරික්‌තයක්‌ තිබියදීත් ඉන්දියාවෙන් ආනයනය කිරීමෙන් ශ්‍රී ලංකාවේ බිත්තර නිෂ්පාදකයාට සියදිවි හානිකර ගැනීමට සිදුව ඇති බව සමස්‌ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පවසයි.

එම සංගමය විසින් කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකට එක්‌වෙමින් වැඩිදුරටත් කරුණු දැක්‌වූ ඒ මහතා,

” පාරිභෝගික කටයුතු හා වෙළෙඳ අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීම මත අදාළ බිත්තර පිරවූ කන්ටේනර් 6 ක්‌ මේ වනවිටත් නැව්ගතකොට අවසන් බවත් ඒවා සතොස හරහා පාරිභෝගිකයන් අතට පත්කිරීමට සියලු කටයුතු සූදානම් බවත් මේ වනවිට විශ්වාස කටයුතු ආරංචි මාර්ගයෙන් අප සංගමයට දැන ගැනීමට ලැබුණා” යැයි පැවසීය.

උත්සව අවස්‌ථාවකදී හෝ සංගමයක්‌ ලෙස කිසි අයුරකින් බිත්තර මිල ඉහළ නොයවා පාරිභෝගිකයාගේ අවශ්‍යතා මැනවින් හඳුනාගත් සංගමයක්‌ වශයෙන් ඉතා අවම මිලක්‌ පවත්වාගෙන යන හා අති විශාල බිත්තර අතිරික්‌තයක්‌ පවතින අවස්‌ථාවක කාගේ වුවමනාවට එලෙස බිත්තර ආනයනය කරන්නේ ද යන්න රජය වශයෙන් වහා සොයා බැලිය යුතු බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.

සංගමය නියෝජනය කළ ගොවි මහතෙකු වූ එස්‌.එම්. සෙනවිරත්න මහතා කියා සිටියේ මේ වනවිටත් බිත්තර ගෙනවිත් කෝටි ගණනාවක ණය කන්දක හිරවී ඇති මොහොතක මෙවන් අයුරින් ආණ්‌ඩුවේ බලධාරීන් කටයුතු කිරීම මගින් තමන් ඇතුලු ගොවීනට සියදිවි නසා ගන්නවා හැරෙන්නට වෙනත් විකල්පයක්‌ නොමැති බවයි.

Related posts

ව්‍යවස්ථාවට එරෙහිව ඒකාබද්ධයෙන් පාර්ලිමේන්තුවේදී කළුපටි විරෝධයක්

colombotoday

අවසන් පාරිභෝගිකයාත් යන තෙක් වෙළඳසැල් විවෘතව තබන්න

colombotoday

සරත් විරසේකරට විමල් වීරවංශ පරදින ලකුණු

colombotoday

පෞද්ගලික බැංකුවක මිලියන 910ක මූල්‍ය වංචාවක් | සැකකරුවෙක් CID අත්අඩංගුවට

colombotoday

සූර්ය කෝෂ බැටරි දේශීයව නිපදවීම පිළිබදව අවධානය.

colombotoday

“අනෙක් ජනවර්ග වලට ආදරය කරන මානසිකත්වයක් අපට නෑ. අපේ නායකයන්ටත් නෑ” – TNA

colombotoday