Colombo Today Local News

ෆේස්බුක් තහනමට විරෝධය දක්වා ඇමරිකානු තානිපතිගෙන් පණිවිඩයක්.. විදේශ රටවලුත් විරෝධය දක්වයි..!

මහනුවර ප්‍ර දේශ කිහිපයක පැතිර ගිය කලහකාරී සිදුවීම් වලින් අනතුරුව රජය විසින් පනවා තිබෙන සමාජ ජාල මාධ්‍ය තහනම ඉක්මනින් ඉවත් කරන්නැයි විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයකන් විසින් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වනවා.

මෙම සිදුවීම් අතරතුරේ ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප් ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් සමාජ මාධ්‍ය ජාල යනු මානව සම්බන්ධතා වෙනුවෙන් යොදා ගනු ලබන “අවිධිමත්” සහ “වෙනස් වෙමින් පවතින” මෙවලමක් වන නමුත්, ප්‍රචණ්ඩත්වය සහ නොඉවසීම පැතිරවීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ ඒ සඳහා සමාජ ජාල යොදාගන්නා “වෛරයෙන් පිරුණු පුද්ගලයන්” විනා සමාජ මාධ්‍ය ජාල නොවන බව සඳහන් කර ඇත.

සමාජ ජාලා මගින් ලෝකයට සිදු කරන මහඟු සේවාව අගය කළ යුතු බවත් ඒවායේ ඇති හොඳ හා නරක වටහා ගත යුතු බවත් ඔහු ප්‍රකාශ කරයි.

තව දුරටත් සමාජ ජාලා වෙබ් අඩවි අවහිර කිරීම අසාධාරන යයිද ඔහු වැඩි දුරටත් කියා සිටී.

Related posts

රනිල්, මහින්ද, සම්බන්ධන් සාකච්ඡාවක…

colombotoday

කොළඹට අද පැය 14ක ජල කප්පාදුවක්

colombotoday

රන්ජන් අධිකරණයෙන් සමාව අයැදී

colombotoday

සජිත්ට-ජලනිට දරුවන් නැතැයි කිවුවා කියා අගමැති මහින්දට විරුද්දව විරෝධතා

colombotoday

උඩ දියලුම බලන්න ගිය තරුණියක් වන අලි ප්‍රහාරයකින් මරුට

Admin

මහින්දගේ ගෙදර ගන්න එපා! මාලිමාණ්ඩුවට වෝනිං!!!

Admin