Colombo Today Local News

මහනුවර ගිනි නිවෙද්දී ආණ්ඩුවේ ගනි යළි ඇවිළේ.. අගමැතිට එරෙහි විශ්වාසභංගයට ශ්‍රීලනිප ඇමතිලාගේ සහය ස්ථීර කරයි

ඒකාබද්ධ විපක්ෂය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පිරිසක් ස්ථිර වශයෙන් එම යෝජනාවට පක්ෂව ඡන්දය දෙන බව ශ්‍රී ලනිපයේ ජේ‍යෂ්ඨ ඇමැතිවරයකු ජනාධිපතිවරයාට දැනුම් දුන් බව වාර්තා වේ.

එම ඇමැතිවරයාගේ මූලිකත්වයෙන් පසුගිය දිනවල පැවැති සාකච්ඡා වට කීපයකින් පසුව මේ තීරණය ගෙන ඇති අතර, ශ්‍රී ලනිප ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ බහුතරය පාර්ලිමේන්තුවේදී පෙන්වන්නේ නම් ශ්‍රී ලනිපයේ අයකු අගමැති ධුරයට පත් කළ යුතු බවද මේ සාකච්ඡාවලදී ගත් තීන්දුවද ජනාධිපති වෙත දැනුම් දුන් බව වාර්තා වේ.

දැනට සිදුවෙමින් පවතින බොහෝ දේශපාලන ක්‍රියාකාරකම් හමුවේ තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටීමට පුළුවන්කමක් නැති බවත් ශ්‍රී ලනිපයේ ඇමැතිවරුන් කීපදෙනකු සමඟ පිරිසක් ශ්‍රී ලනිපය නියෝජනය කරමින් විපක්ෂයේ අසුන් ගන්නා බවත් පක්‍ෂ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආශීර්වාදය ඇතිව විපක්ෂයේ සිටිමින් ශ්‍රී ලනිපය ශක්තිමත් කිරීමට දේශපාලන වශයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවත් එම සාකච්ඡාවලට සහභාගි වූ හා විපක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් සිටින ශ්‍රී ලනිප ජේ‍යෂ්ඨයෙක් පැවැසීය.

මව්බිම

Related posts

2021 මෛත්‍රී නැවතත් ජනපති කරනවා.. මහින්දට, චන්ද්‍රිකාට ආය ජනපතිකම් බෑ

colombotoday

ගෝඨාභය අත්අඩංගුවට ගන්න නීතිපති අනුමැතිය.. අද හෙටම අත්අඩංගවට !

colombotoday

රැඳවියන් ට බූස්ටර් එන්නත ලබා දීම අරඔයි

colombotoday

මුස්ලිම් ජනතාවට වැඩිම සේවයක් කලේ මගේ ආණ්ඩුව- අගමැති මහින්ද

colombotoday

යුද අපරාධ සිදු කළැයි මේජර් ජෙනරාල් චාගිට ඕස්ට්‍රේලියාවේ වීසා ලබා දීම අත්හිටුවයි

colombotoday

“උතුරෙන් හමුදාව ඉවත් කරන්න” ඊළාම්වාදියෙක් ඇමති මංගලගෙන් ඉල්ලයි

colombotoday