හදිසි නීති රෙගුලාසි ප්‍රකාරව පොලිස්පතිවරයාට ලැබී ඇති බලතල පාවිච්චි කරමින් අද සවස හතරේ සිට හෙට සවස හතර වන තෙක් මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඇඳිරිනීතිය පැනවූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයට අදාලව තවත් පැය 24ක් ඉදිරියට පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක වනු ඇත.
මේ අතර රට තුළ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති නිසා සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
ඒ අනුව නිවාඩු ලබා ගොස් සිටින සියලු නිලධාරීන් යළි සේවයට වාර්තා කළ යුතු බව ද පොලිසිය කියයි.