Colombo Today Local News

සමාජ ජාලාවලින් මේවා කරොත් හමුදා සාමාජිකයන්ට වැඩ වරදී – හමුදාපතිගෙන් නියොගයක්

ෆේෂ්බුක්, ට්විටර්, ලින්ක්ඩින්, ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කිරීමේ දී යුද හමුදා සාමාජිකයන් විසින් පිළිපැඳිය යුතු නියෝග මාලාවක් යුද හමුදාපතිවරයා විසින් ප්‍රකාශයට පත් කොට ඇත.

එහිදී අදාල වෙබ් අඩවි මඟින් තම නිල ඇඳුම්, නිල නාම, සේවා ආයතන, උපකරණ ආදිය ඡායාරූප මඟින් ඉදිරිපත් කිරීම තහනම් කොට ඇති අතර ජාතික ආරක්ෂාව, යුදමය කරුණු, දේශපාලනික අදහස්, දේශපාලඥයන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට අපහාස වන අන්දමේ ප්‍රකාශ, ජනවාර්ගික ගැටළු වලට සහ ආගමික අසමගියට මුල්වෙන කරුණු ඇතුලත් ප්‍රකාශ, නිර්මාණ, පෝස්ටර් හෝ වෙනත් තොරතුරු සමාජ ජාල වෙබ් අඩවි තුළින් අප්ලෝඩින්, ෆෝවඩින්, කමෙන්ටින් සහ ෂෙයාරින් කිසිදු යුද හමුදා සාමාජිකයෙක් විසින් සිදු නොකළ යුතු බවට හමුදාපතිවරයාගේ නියෝගයේ සඳහන්‍ වේ.

මෙම නියෝග උල්ලංඝනය කරන හමුදා සාමාජිකයන් නිරීක්ෂනය කිරීම පිණිස වෙනම හමුදා කණ්ඩායමක් පත්කොට ඇති අතර මෙම නියෝග උල්ලංඝණය කරන සියළු හමුදා සාමාජිකයන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බව යුද හමුදා මූලස්ථානය පවසයි.

Related posts

2015 අපි මහින්දට පල කීවා… අවුරුදු තුනක් යන්න කලින් අපි මෛත්‍රීපාලට කියනව දැන් පල

colombotoday

යෞවන කටයුතු අගමැති රනිල්ට…

colombotoday

පොහොර ප්‍රශ්නවලට වහා විසඳුම් දෙන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday

අල්ලස් ගන්න අය කැබිනට් මණ්ඩලයේ

Admin

නගරබද විහාරස්ථාන වලින් ලංවිමට මිලියන 29ක් පොලු – මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් හෙළිදරව්වක්

colombotoday

ආණ්ඩුවේ අමතර වියදම් පියවන්න රු.බිලියන 100ක් ඉල්ලයි

colombotoday