Colombo Today Local News

මැතිවරණ පනත හරියට ක්‍රියාත්මක කළොත් ජවිපෙට මන්ත්‍රී ධුර 300ක් අහිමිවෙයි…

පළාත් පාලන මැතිවරණ පනතට අනුව සභික සංඛ්‍යාව ගණනය කළහොත්, සෑම පක්ෂයකටම දැනට හිමිව තිබෙන මන්ත්‍රී ධුර සංඛ්‍යාව අඩුවන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි ප්‍රකාශ කළා.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රී ධුර 300 ක්, එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධුර 140 ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මන්ත්‍රී ධුර 40 ක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 8 ක් අහිමි වන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

පළාත් පාලන පනතේ ප්‍රතිපාදන ඉක්මවා මැතිවරණ කොමිසම සභිකයින් පත් කිරීම හේතුවෙන් මෙම තත්ත්වය හට ගෙන ඇති බව ද ඔහු කියා සිටියා.

මැතිවරණ කොමිසම වෙත මේ සම්බන්ධයෙන් කරුණු පෙන්වා දුන් බවත් පනතට අනුව සභික ධුර වෙන් කරන්නැයි ඉල්ලා සිටි බවත් මන්ත‍්‍රීවරයා පවසයි.

මේ සම්බන්ධයෙන් කොමිසම කටයුතු නොකලහොත් නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

Related posts

ගෝඨාට එරෙහි ඇමරිකාවේ නඩු බල රහිත වේ

colombotoday

වැඩිපුර බොරු ගජබින්න ඇද බෑ පිරිසක් ගැන නලීන්ගෙන් හෙළිදරව්වක්

Admin

MCC ගිවිසුම කොන්දේසියකින් තොරව ප්‍රතික්ෂේප කළ යුතු බව සමාලෝචන කමිටුව යෝජනා කරයි

colombotoday

ලංකාවේ දූෂණය තිබුණාටත් වඩා වැඩිවෙලා – ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් හෙළිකරයි

colombotoday

පසුපෙළ විරෝධය නිසා අය-වැයට පෙර කැබිනට් ඇමැති 2ක් අස් වීමට යයි

colombotoday

බරපතල දූෂණ වංචා කොමිසමේ වාර්තව පිළිගන්නෙත් නෑ, චෝදනා පිළිගන්නෙත් නෑ

colombotoday