Colombo Today Local News

තාවකාලික වීසා වලින් ඇවිත් ඉන්දීය දොස්තරලා මෙරට වෛද්‍ය සේවයේ

මෙරට උතුරු නැගෙනහිර ප්‍රදේශවල වෛද්‍ය සායන පවත්වමින් හා සායනික පුහුණුවීම්වල යෙදෙමින් වෛද්‍යවරුන් යැයි කියාගන්නා කණ්ඩායම් කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඔවුන් සංචාරක වීසා උපයෝගි කර ගනිමින් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ශ්‍රී ලංකාව තුළ කිසියම් පුද්ගලයෙක් වෛද්‍ය වෘත්තියේ යෙදෙන්නේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුළ ලියාපදිංචිය ලබා ගැනීම අනිවාර්ය වන නමුත් මෙම වෛද්‍ය කණ්ඩායම් එසේ ලියාපදිංචියක් ලබා නොගෙන සායන පැවැත්වීම හා පුහුණුව ලබා ගැනීම බරපතළ තත්ත්වයක් යැයි සංගමයේ ‍ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අවධාරණය කරයි.

වෛද්‍ය සභාව තුළ ලියාපදිංචිය ලබා නොගෙන යම් පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් වෛද්‍ය සායනයක් පවත්වා මිනිස් ජීවිතයකට යම් අනතුරක් සිදු වුවහොත් එහි වගකීම භාර ගැනීමට පුද්ගලයකු හෝ ආයතනයක් නොසීටීම බරපතළ ගැටලුවක් යැයිද සංගමය පෙන්වා දෙයි.

මෙම පුද්ගලයින් මෙරටට පැමිණෙන්නේ කාගේ අවසරය මතද යන්න පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය වෙත දැනුම් දීමටද කටයුතු කරන බව සංගමය සඳහන් කරයි.

මීට වසර කීපයකට පෙර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචියක් නොමැතිව ඇතැම් පෞද්ගලික රෝහල්වල සේවය කළ ඉන්දීයානු වෛද්‍යවරුන් එරටට පිටමන් කිරීමට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලකිරීම මත රජයට පියවර ගැනීමට සිදු වූවා යැයි ද වෛද්‍ය අලුත්ගේ මහතා පැවසීය.

Related posts

කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි ප්‍රහාරයක්.. හිමියෝ රෝහල්ගත කරති

colombotoday

සහල් ආනයනය නොකිරීමට රජය තීරණය කරයි !

colombotoday

ඩලස්ගේ තැනට, ලක්ෂමන් යාපා – බන්ධුලගේ තැනට තිලකසිරි

colombotoday

හමුදා කදවුරු ඉවත් කරව් ! අපේ ඉඩම් අපට දියව් ! වව්නියාව යුද හමුදා කදවුර ඉදිරිපිට විරෝධතා

colombotoday

විදෙස් NGO එකකින් ආණ්ඩුවට ගහන්න රුපියල් කෝටි 85ක්. | හිමිනමට රුපියල් කෝටි 5ක් ඇතුළුව සල්ලි ලැබුන අය මෙන්න.

colombotoday

කතක් දුම්රියට පනී.. කුපිත වූ පිරිසක් දුම්රියට පහර දෙයි.. රියදුරු නූලෙන් බේරෙයි.. ත්‍රිකුණාමලේ කලබලයක් !

colombotoday