Colombo Today Local News

පාසල් සිසුන්ට ටැබ් දීම ජනපති අත්හිටුවා ඇත්තේ ටෙන්ඩර් මගඩියක් නිසා ??

අධ්‍යාපන නවීකරණ වැඩපිළිවෙල යටතේ මේ වසරේ සිටි උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක යන්ත්‍ර ලබා දීම සදහා මෙවර අයවැයෙන්ද මුදල් වෙන්කර තිබුණු අතර, ජනාධිපතිවරයා විසින් එම තීරණය පසුගිය කැබිනට් හමුවේදී අත්හිටවනු ලැබීය.

ජනාධිපතිවරයා එයට හේතු දක්වමින් කියා තිබුණේ ටැබ් වලට වඩා ජනතාවගේ අවශ්‍යතා තිබෙන බැවින් ඒ සදහා මුදල් වෙන්කළ යුතුව තිබෙන බවයි.

කෙසේ වෙතත් ඊයේ 22 පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ ජනාධිපතිවරයා විසින් ටැබ් යන්ත්‍ර ලබා දී ම අත්හිටවූයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සිදුවූ ටෙන්ඩර් මගඩියක් නිසා බවයි.

එයට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ එවෙනි කිසිදු මගඩියක් ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුල සිදු නොවු බවත්, නිසියාකාරව ටෙන්ඩර් ඉදිරිපත් කල සැපයුම්කරුවන් 4 දෙනා සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගැනීමට අමාත්‍ය මණ්ඩලයට යොමු කල බවයි.

එමෙන්ම හෙතෙම පවසා සිටීයේ එම ටෙන්ඩරයට වැරදි අයුරින් පැමිණිමට උත්සහ ගත් ජාවාරම්කාරයින් විසින් හිටපු අමාත්‍යවරයා වෙත වැරදි තොරතුරු ලබාදීමට කටයුතු කල බවයි.

Related posts

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය මෝඩ තකතීරු තීරණයක්. හැබැයි මම සහය දෙනවා. – අනුර කුමාර දිසානායක

colombotoday

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කිරීමට සියලු කටයුතු සූදානම්.

colombotoday

පොලිසියෙන් හිරිහැර.. අතුරුදන් වූ හේතුව අම්පිටියේ හිමි හෙලිකරයි (Video)

colombotoday

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්

colombotoday

කුරානයට අපහාස කළේයැයි ඥානසාර හිමිට විරුද්ධ නඩුව කල් යයි.

colombotoday

තැපැල් සේවකයින් සංකේත වැඩ වර්ජනයක

colombotoday