Colombo Today Local News

උසස් පෙළ සිසුන්ට “ටැබ්“ ලබාදීමට ජනපිත එරෙහි වෙයි.. අගමැති ඉදිරියේම යෝජනාව කුණු කූඩෙට දමයි

උසස් පෙළ සිසුන් හා ගුරුවරුන් වෙත පරිඝනක ටැබ් ලබාදීමේ වැඩපිළිවෙල තාවකාලිකව නවතා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය.

ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව නවතා දැමුණු එම ව්‍යාපෘතියට වැය කිරීමට අපේක්ෂිතවූ මුදල රුපියල් බිලියන 4කි.

2017 අයවැය යෝජනා අනුව ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු එම වැඩපිළිවෙලට අනුව උසස් පෙළ සිසුන් 159,078 කට හා ගුරුවරුන් 36,070කට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අදාළ පරිඝනක ටැබ් සැපයීමට සැලසුම් කර තිබිණි.

පසුගිය සතියේ රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී ඊට අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක එම සතියේ කැබිනට් මාධ්‍ය හමුව අමතමින් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් අද නැවත කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී, රුපියල් බිලියන 4ක් වැනි විශාල මුදලක් වැය කර මේ අවස්ථාවේ මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක නොකළ යුතු බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කළ ප්‍රකාශයට කැබිනට් මණ්ඩලය ද එකඟවී තිබේ.

මේ අවස්ථාවේදී මෙම මුදල ජනතාවට අත්‍යවශ්‍ය දෙයකට යෙදිය යුතු බව ජනාධිපතිවරයාගේ මතය වී යැයි බීබීසී සිංහල සේවයට ඒ පිළිබඳ පැහැදිලි කළ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.

එක ටැබ් පරිඝනක යන්ත්‍රයක් රුපියල් 27,000 බැගින් වූ මිලකට සැපයීමට අවශ්‍ය කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා අවශ්‍ය සමාගම ද පසුගිය කැබිනට් මණ්ඩලයේදී තෝරාගෙන තිබියදී ජනාධිපතිවරයාගේ මෙම වැඩසටහන නවතා දැමීමට තීරණය කළේය.

ජනාධිපතිවරයාගේ තීරණයට එක්සත් ජාතික පක්ෂයේ බහුතර ඇමතිවරුන්ගේ එකගතාව හිමිවූ අතර පළාත් පාලන මැතිවරණ ප්‍රතිපල අනුව, මෙවන් තාක්ෂණික වැඩසටහන්, ෆයිෆයි මිනිසුන්ගේ මුලික ඉල්ලීම් නොවන බව ඇමතිවරුන්ගේ මතයවූ බව ද කැබිනට් මණ්ඩලයට එක්වූ තවත් අමාත්‍යවරයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.

මේ අතර අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීම සාමාන්‍ය පරිදි පැවත්වී තිබෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර ඇමතිවරුන් පිරිසක් ඊට සහභාගිවී වුහ. කෙසේවෙතත් අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත්විය යුතු බවට දැඩිව ප්‍රකාශ කළ නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්වන දයාසිරි ජයසේකර හා සුසිල් ප්‍රේමජයන්ත ඊට සහභාගිවී නොමැත.

– BBC

Related posts

කැවුම් බදින ජනපති සිරිසේන

colombotoday

“ඇමතිවරුන්ට අවශ්‍ය පරිදි අධිකරණ පිහිටුවන්න බෑ” – අධිකරණ සංවිධාන සංශෝධන පනතට හිටපු ජනපතිගේ විරෝධය

colombotoday

එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ කාල සීමාව මාස තුනකින් දීර්ඝ කෙරේ.

colombotoday

සහල් නැව ප්‍රමාදයි.. රටටම හාමතේ ඉන්න වෙයි !

colombotoday

අර්ජුන් මහෙන්ද්‍රන් දැන් ඉන්නේ සිංගප්පූරුවේ – ජාත්‍යන්තර පොලිසිය තහවුරු කරයි…

colombotoday

ආණ්ඩුකාර නියෝගය නොතකයි. මස්කෙලිය ප‍්‍රාදේශිය සභාව ශ‍්‍රී පාදයේ නම ශීව පාදම් ලෙස වෙනස් කරයි

colombotoday