Colombo Today Local News

ඊලාම් රාජ්‍යක් ගැන බොරු කියලා මහින්ද ජාතිවාදය ඇවිස්සුවා – ආර්. සම්බන්ධන්

පළාත් පාලන මැතිවරණය අවස්ථාවේ දමිළ ඊලාම් රාජ්‍යයක් බිහිවීමට නියමිත බවට ව්‍යාජ ප්‍රචාරයක් දියත් කර මහින්ද පාර්ශවය දකුණේ ජනතාව නොමග යැවූ බවත් ඒ හේතුවෙන් දකුණේ වැඩි ජන්ද ප්‍රමාණයක් ලබාගන්නට එම පාර්ශවයට හැකිව ඇති බව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ආර්.සම්බන්ධන් සඳහන් කරයි.

විපක්ෂනායකවරයා මෙම අදහස් පළකර සිටියේ අද (19) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේ පළාත් පාලන මැතිවරණය හරහා පොහොට්ටුව පක්ෂය ලබා ඇති ජනතා ප්‍රසාදයට තමන් ගරු කළත් තම පක්ෂය සම්බන්ධ ව්‍යාජ ප්‍රකාශ ප්‍රචාරය කිරීම සතුටුදායක තත්ත්වයක් නොවන බවය.

එසේම වෙනම දමිල ඊළමක් පිළිබඳ කිසිඳු සඳහනක් තම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නැති බවත් තමන් දකුණේ සිංහල ජනතාව සමඟ බලය බෙදා ගැනීමට මේ වන විටත් පැහැදිළි ස්ථාවරයක් ප්‍රකාශ කර ඇති බවද විපක්ෂනායකවරයා සඳහන් කර සිටියේය.

තවද වසර ගණනාවක මැතිවරණ ප්‍රතිඵල සැලකීමේදී මහින්ද රාජපක්ෂ වෙත තිබු ජනතා ප්‍රසාදය අඩුව ඇති බවත් මෙවර මැතිවරණ ප්‍රතිඵලය අනුවද ඒ බව තහවුරු වන බවද විපක්ෂනායකවරයා පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමින් පැවසීය.

Related posts

ආණ්ඩුවේ අභ්‍යන්තර කැරැළ්ලක් ! දෙසැම්බරයේ බළ පෙරළියක ලකුණු..

colombotoday

එට්කා ගිවිසුම කඩිනම් කිරීමට ඉන්දියාව සමග එකගවුණා – ඇමති මලික් සමරවික්‍රම

colombotoday

වනිඳු පිලිබද තීරනයක්

Admin

රේගු අධ්‍යක්ෂවරියට රේගු මාෆියාව එක්ක හැප්පෙන්න බැරිවුණා – තනතුරෙන් ඉවත් කිරීමට හේතු මංගල සමරවීර කියයි

colombotoday

කොළොන්න ව්‍යාපාරිකයෙක් අතුරුදන් – වෑන් රථය සුසාන භූමියක් අසලින් සොයා ගනී

Admin

හිස්වූ නසීර් අහමඩ්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන, අලි සාහීර් මවුලානාට

Admin