දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව සිට ඉමදූව දක්වා කොටස යළි විවෘත කර තිබේ.
විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ඩි.සි.දිසානායක මහතා සඳහන් කළේ අද පෙරවරු 10.00ට පමණ මාර්ගය යළි විවෘත කිරීමට පියවර ගත් බවයි.
වර්ෂාව සහ අයහපත් කාලගුණය හේතුවෙන් පස්කඳු කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් අද අලුයම සිට කොක්මාදූව පිටවීමේ දොරටුවේ සිට ඉමදූව පිටවීමේ දොරටුව දක්වා කොටස වසා දැමීමට තීරණය කර තිබුණි.
පසුගියදා පැවති අධික වර්ෂාව හේතුවෙන් පස්කඳු කඩා වැටීමේ අවදානම මත මීට පෙර ද එම මාර්ග කොටසේ රථ වාහන ධාවනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබුණි.
මෙම මාර්ගය සඳහා ස්ථිර පිළියමක් කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ඩි.සි.දිසානායක මහතා සඳහන් කළේය.