අමාත්‍ය සංශෝදනයක් සමගින් සම්මුතිවාදී ආණ්ඩුව 2020 දක්වා පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකග වී ඇති බව වාර්තා වෙනවා. විදේශ රාජ්‍යයන් කිහිපයක් විසින් රජය අස්ථාවර නොකොට ඉදිරියට ගෙන යන ලෙසට ජනාධිපතිවරයාට දන්වා ඇති බවයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ.
ලබන සතියේ මුල් දින කිහිපයේදී කැබිනට් අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය සංශෝදනයක් සමගින් සම්මුතිවාදී යහපාලන රජයේ දෙවන අධියර පටන් ගන්නා බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.