Colombo Today Local NewsTop Stories

අගමැතිට ඉල්ලා අස්වෙන්නැයි දන්වයි – ජනපති මැදුරේ තීරණාත්මක සාකච්ඡාවක්

අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් ඉල්ලා අස් විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දරන අදහස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තහවුරු කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරයෙක් පැවසීය.

මේ සම්බන්ධයෙන් ජනපතිවරයා සහ අගමැතිවරයා අතර සාකච්ඡාවක් කොළඹ පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේ පැවැත්ව තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් නව අගමැතිවරයෙක් පත්කර ගන්නා මෙන් ජනාධිපතිවරයා එම පක්ෂයට දැනුම් දී තිබෙන බව ද ඉහත කී අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය පරිදි සිය පක්ෂයේ සංශෝධන සිදුකිරීමට සූදානම් නැති අතර, එවැන්නක් සිදු විය යුත්තේ සිය පක්ෂය තුළින් බව මේ අතර අගමැතිවරයාගේ ස්ථාවරය වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ද සම්බන්ධ කරගෙන තනි ආණ්ඩුවක් පිහිටුවන බවට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ අදහසට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ එවැනි ශ්‍රීලනිප සාමාජිකයන්ට තමන් අමාත්‍ය පදවි ලබා නොදෙන බවය.

එමෙන්ම එජාපය දෙමළ ජාතික සන්ධානය සමග එක්ව නව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම්, එවිට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අදහස ඉවත්කර ගැනීමට දෙමළ ජාතික සන්ධානයට සිදුවනු ඇති බව ද ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබේ.

– BBC

Related posts

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය රැකගන්න වෘත්තීය සමිති හයකින් ජනපතිට ලිපියක්

colombotoday

වී මිලදී ගන්න ප්‍රමාණවත් මුදල් ලැබී නැහැ.

colombotoday

ගංජා සූස්ති ගහලා මංගල සමරවීරගේ මොලේ මඤ්ඤං වෙලා

colombotoday

තැපැල් ඡන්ද දායකයින්ගේ ලැයිස්තු සහතික කිරීම අවසන්

colombotoday

වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්

Admin

මන්කි පොක්ස් වැලදෙන්නේ පිරිමි සම ලිංගිකයන්ට

Admin