Colombo Today Local News

යහපාලන ආණ්ඩුව පෙරපාසල් යා යුතුයි – සරත් විජේසූරිය

මෙවර පළාත් පාළන මැතිවරණයෙන් ආණ්ඩුව ලැබූ පරාජය ජනවාරි 08 වනදා ලැබූ ජනවරමට  පිටුපෑමට එරෙහිව ජනතාව ලබාදුන් වැදගත් සංඥාවක් බව  සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය පැවසීය.

පළාත් පාලන මැතිවරණය පරාජය වීම හේතුවෙන්  වත්මන් ආණ්ඩුව පෙරපාසලේ සිට ජනවරමට ගරු කිරීම පිළිබඳ ඉගෙන ගෙනගත යුතු බවද ඔහු කියා සිටියේය.

2015 ජනවාරි 08 වනදා ලැබූ ජනවරම වෙනුවෙන් පෙනී සිටි ජනතාවගේ විශ්වාසය දිනාගැනීමට තවදුරටත් මේ ආන්ඩුවට ඉඩක් පවතින බවද ඒ මහතා සදහන් කලේය.

දූෂනය පිටුදැකීම, අපරාධකරුවන්ට දඩුවම් දීම, ජීවන වියදම අඩු කිරීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුලු ලබාදුන් පොරොන්දු කඩ කිරීම ආන්ඩුවේ මෙම පරාජයට හේතු වී ඇති බවද මහාචාර්ය සරත් විජේසූරිය මහතා වැඩිදුරටත් කීය.

Related posts

පාස්කු කොමිසමේ වාර්තාවේ පිටපතක් කථානායකට භාරදෙයි

colombotoday

අශේන් වෙනුවෙන් අලි සබ්‍රී පෙරට

Admin

අන්තරේ පා ගමනක්

colombotoday

නව ව්‍යවස්ථාව ගැන අගමැති රනිල්ගෙන් ඉන්දීය අගමැති මෝදිට පොරොන්දුවක් !

colombotoday

වෛද්‍යවරයකු අභිරහස් ලෙස මිය යයි

Admin

මංතිරු නීති කඩන රියදුරන්ට වෙන දේ

colombotoday