Colombo Today Local News

බැසිල් එජාප ඇමතිවරයෙක් හමුවෙලා.. ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ! (Video)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ සැලසුමක් ක්‍රියාත්මක වී ඇති බවට සැකයක් මතුව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

බොරැල්ලේ පිහිටි එක්සත් ජාතික පක්‍ෂ ඇමතිවරයෙකුගේ නිවසේදී හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග යන අය විසින් මෙම සැලසුම සකස් කර ඇති බවට සැකයක් ඇතැයිද ඇමතිවරයා සදහන් කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හරියටම තොරතුරු නැති නිසා පොලීසියට පැමිණිලි කල නොහැකි යයිද ඔහු සදහන් කලේය.

ජනාධිපතිවරයාට මෙසේ ජීවිත තර්ජන පවා එල්ල වන්නේ දිගින් දිගටම දුෂිතයන්ට එරෙහිව ක්‍රියාත්මක වීම නිසා යයිද ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය.

ඇමතිවරයා මේ බව සඳහන් කලේ තංගල්ලේදී පැවති සන්ධාන ජනහමුවක් අමතමිනි.

Related posts

මන්ද මානසික සඳරුවන් සේනාධීරගේ Lanka e News මඩ අඩවියට බොදු බලෙන් පිළිතුරු

colombotoday

දිවිපරදුවට තබා ජීවිත 60ක් බේරාගත් රියදුරු වීරයෙක්

Admin

සංචරණ ඇදිරි නීතිය කඩමින් දෙමළ ජාතික සන්ධානය තිලීපන් සමරයි

colombotoday

උතුරෙන් හමුදාව ඉවත් කරන්න කියා මා කීවේ නෑ – ශිවාජිලිංගම්

colombotoday

අද සහ හෙට සියලු දුම්රිය ධාවනයන් අවලංගුයි

colombotoday

G77 රාජ්‍ය නායක සමුළුව අද කියුබාවේ හවානා නුවරදී..

Admin