Colombo Today Local News

කොටි ඩයස්පොරාව යහපාලන රජය සමග හිටගනී.. දැයක අභිමන් පෙන්වූ බ්‍රිගේඩියර්ව දඩුකදේ ගහන්න ඉල්ලයි..

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ඉදිරිපිට ශ්‍රී ලංකා විරෝධී සටන් පාඨ කියමින් විරෝධතා දැක්වූ කොටි හිතවාදීන් ඉදිරියේ ඔවුන්ට අභියෝග කළ යුද හමුදා බ්‍රිගේඩියර්වරයාගේ වැඩ තහනම් කිරීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය පිළිබදව ජාත්‍යන්තර කොටි හිතවාදීන්ගේ ප්‍රසංශාව පළවී තිබෙනවා.

අදාළ සිදුවීමෙන් පසුව “දෙමළ ජාතිකයන් සදහා වූ බ්‍රිතාන්‍ය සර්වපාක්ෂික මන්ත්‍රී කණ්ඩායම“ විසින් බ්‍රිතාන්‍ය විදේශ ඇමතිවරයාට ලිපියක් යොමු කරමින් සදහන් කර ඇත්තේ, එම බ්‍රිගේඩියර්වරයාගේ තානාපති වරපත්‍ර අහෝසි කර වහාම බ්‍රිතාන්‍ය යෙන් පිටුවහල් කරන ලෙසයි. එම ඉල්ලීම ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයට යොමු වී ඇතැයි වාර්තා වේ.

මේ අතර ශ්‍රී ලංකා හමුදාවන්ට ව්‍යාජ යුද අපරාධ චෝදනා එල්ල කළ “චැනල් 4“ නාලිකාවේ කැලම් මැක්රේ විසින් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා රජයේ සංහිදියා වැඩපිළිවෙලට බ්‍රිගේඩියර්වරයාගේ හැසිරීම කැළලක් බවයි. එබැවින් මෙම බ්‍රිගේඩියර්වරයා හමුදා අධිකරණය ඉදිරියට පමුණවිය යුතු බවද ඔහු අවධාරණය කර තිබෙනවා. ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ එම බ්‍රිගේඩියර්වරයා අත්අඩංගුවට ගෙන වහාම බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කළ යුතු බවයි.

Related posts

අමාත්‍ය මහින්දානන්දට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත​ට

colombotoday

රටේ ආර්ථිකය ස්ථාවර තත්වයට ඇවිත් – මහ බැංකු අධිපති

Admin

ජනපති ඝාතන කුමන්ත්‍රණයට පොලිස්පතිත් සම්බන්ධයි… මහ මොළකරු රනිල් – නාමල් කුමාර සැලසුම දිගහරී [Video]

colombotoday

“ගෝඨා මේ රට විපතට ඇද දමනවා“ – ඇමති මංගලගේ චෝදනාවට ගෝඨා දුන්නු අපූරු පිළිතුර…

colombotoday

බොදු බල සේනාවෙන් කුරානය ඉගැන්වීමේ පංති

colombotoday

ග්‍රෑන්ඩ්පාස් ඝාතනයට කුඩු රොෂාන් ඇතුළු 7ක් අත්අඩංගුවට

colombotoday