Colombo Today Local News

රට්ටු කියන කතාවලට අකිලට ලැජ්ජ හිතෙයි.. ‘ලැප්ටොප් වන්නම‘ නිදහස් උත්සවයෙන් ඉවත් කෙරේ

ඉරිදා ගාලු මුවදොරදී පැවැත්වීමට නියමිත 70 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ ලැප්ටොප් නැටුමෙන් ලැප්ටොප් ඉවත් කිරීමට උපදෙස් දුන් බව අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා පැවසීය.

වයඹ විද්‍යාපීඨයේ ගුරුවරුන් එම නර්ථනාගංගයට පුහුණුවෙමින් සිටි අතර එම ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම නිසා සමාජයේ දැඩි වේවේචනයට හේතු විය.

දුරේක්ෂ සහ ලැප්ටොප් පරිගණක අතැතිව කරන මෙම නර්ථනය ඉවත් කරන ලෙස අධ්‍යාපන ඇමැතිවරයා ද උපදෙස් දී තිබෙන බව අමාත්‍යංශ උසස් නිලධාරියෙක්  පැවසීය. දීර්ඝ කාලයක් තිස්සේ පුහුණුවෙමින් සිටි නිසා අවසාන මොහොතේ නර්ථනය ඉවත් කිරීම ගැටළු සහගත බැවින් ලැප්ටොප් වෙනුවට ලෝක ගෝල අනුරුවක් අතැතිව නර්ථනය කිරීමට සැලසුම් කළත් ලෝක ගෝලයද නැටුමෙන් ඉවත් කිරීමට අවසානයේ තීරණය කර තිබේ.

මෙම නර්ථනය වෙනුවෙන් එම පිරිසම යොදාගෙන වෙනත් නර්ථනයක් සිදු කරනු ඇති බවත්, ඒ සියල්ල අධීක්ෂණය කරන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් බවත් අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

ලැප්ටොප් පරිගණක තබා ඩෙස්ටොප් පරිගණකවත් නැති පාසල් රැසක් ලංකාවේ ඇතැයි ද, අධ්‍යයන කටයුතු සඳහා දුරේක්ෂ නැති පාසල් රැසක්ද තිබිය දී මෙවැනි විහිළු සහගත කටයුතු කිරීම ගැන බලධාරීන් දෙවරක් සිතා බැලිය යුතු යැයි ද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය. ගුරුවරුන් යොදාගෙන මෙවැනි කටයුතු කිරීමෙන් බලධාරීන් පමණක් නොව ගුරුවරුන්ද හෑල්ලුවට ලක්වන බව ද ඔහු කීවේය.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේ මෙම නැටුම සම්බන්ධයෙන් මුලින් නොදැන සිටි බවයි. එය දැනගත් වහාම නතර කරන ලෙස උපදෙස් දුන් බව ද ඔහු කීවේය.

– ලංකාදීප

Related posts

2021 වසරේ සාගර කලාපය තුළ කළ වැටලීම් මගින් රු. බිලියන 15 කට අධික මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

colombotoday

ජාතිය ගොඩනැගීමේ සහ සංහිදියාව උදෙසා වූ ව්‍යාපාරය චැනල් 4 චෝදනාවට විරෝධය දක්වයි

Admin

කිරුළපන මාර්ගය ජලයෙන් යට වෙයි

colombotoday

ඡන්දයක් පැවැත්වූවොත් පරාජයට පත්වන බව ශෂීන්ද්‍ර රාජපක්‍ෂ කියයි.

colombotoday

මුහුදු මහා විහාරස්ථානයට අයත් භූමිය ලකුණු කර පූජා භූමියක් ලෙස නම් කර බලපත්‍රය ලබා දීමට අගමැති මහින්දගෙන් උපදෙස්

colombotoday

Video: ඉල්ලන්නේ නෑ කිවුවට ඉල්ලනවාමයි – ශ්‍රීලනිපයේ මීළග ජනපති අපේක්ෂකයා මෛත්‍රීමයි !!

colombotoday