Colombo Today Local News

බෙල්ලන්විල විමලරතන නාහිමියෝ අපවත් වෙති !

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ අද පෙරවරුවේ කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වී තිබේ.

ඊයේ දිනයේදී උන් වහන්සේ රෝහල්ගත කරන ලද්දේ විහාරස්ථානයේ සිටින “මිලන්මාර් කුමාර්“ ඇතාට ආහාර දීමට යාමේදී ඇතිවූ අනතුරක් හේතුවෙනි.

ඒ හේතුවෙන් නාහිමියන්ගේ ඉලඇට කිහිපියකටම හා අක්මාවට හානිවී තිබුණු බව වාර්තා විණි.

කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝසභාවේ අනුනායක ධුරය දැරූ උන් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරයද හෙබවීය.

උන්වහන්සේ මෙරට දේශපාලනික, සමාජීය කාර්යයන්වලදී කැපී පෙනෙන මැදිහත්වීමක් දැක්වූ මහ යතිවරයාණන් වහන්සේ නමක් වූ අතර, උන්වහන්සේගේ හදිසි අපවත්වීම මෙම අවස්ථාවේදී රටටත්, ජාතියටත් දැරිය නොහැකි පාඩුවක් වනවා නොඅනුමානය.

නාහිමියන් ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා !

Related posts

ඌව පළාතේ බුර්කා ඇන්දොත් අත්අඩංගුවට. ආණ්ඩුකාර මෛත්‍රී පොලිසියට උපදෙස් දෙයි

colombotoday

රඹුක්කන විරෝධතාකරුවන්ට වෙඩිතැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි නියෝග

colombotoday

බලාගාර 3කට ඉන්ධන දෙයි

colombotoday

ප්‍රබල කොටි 127කට නිකුත් කර තිබූ ඉන්ටර්පෝල් රතු වරෙන්තු ඉවත් කරලා !

colombotoday

සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් භාර ගැනීම 22වනදා

Admin

මල් තුනකින් තෙරුවණ පුදා සමුගෙන ගිය ගාන්ධර්වයාණන් ගැන ප්‍රිය බිරිද විමලාවන් කියන කතාව

colombotoday