Colombo Today Local News

මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසිය ගැන ශ්‍රීලනිපයේ මතය කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හෝ වෙනත් කිසිවෙකුගේ හෝ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට සහයෝගය ලබා නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කර සිටියි.

ඊයේ (01දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා එබව සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතා හෝ වෙනත් කෙනෙකු වරදක් කර තිබෙනවා නම් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබාදිය යුතු බව පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, ප්‍රජා අයිතිය අහෝසි කිරීම ජේ.ආර්ගේ ක්‍රමයක් බවත් එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රමය එය නොවන බවත් කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂය මේ අවස්ථාවේදී යම් කෙනෙකුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට උත්සාහ කරනවා නම් ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ලබාගත යුතු බවත්, එසේ නොමැතිව එම පක්ෂයට පමණක් එම කටයුක්ත තනිවම සිදු කළ නොහැකි බවත් හෙතෙම සඳහන් කළේය.

Related posts

දැයට අහිමි කර දහතුන් වසරයි… දැයම අඳුරුයි… හිමියනේ මේ පුනරාගමනයට කාලයයි

colombotoday

මත්පෙති 700 ක් සමග අයෙක් යටදොළදී පොලිස් භාරයට.

colombotoday

මතට තිත තබා වැවක් හැදූ යෝධයෙක් වැනි තරුණයෙක්.. කෝටියක් ළග බලා සිටී !

colombotoday

අහුංගල්ලේ සැකකටයුතු කාන්තා මරණයක්

Admin

සිංහල රාවයේ, රාවණා බලයේ නායක හිමිවරුන් අත්අඩංගුවට!

colombotoday

අද මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයි

colombotoday