“ජනාධිපතිතුමාගේ ගෙදර ඉන්න තිළිණ සුරන්ජිත් වේවැල්ගොඩ. ඒ කියන්නේ දියණිය චතුරිකාගේ මහත්තයා ගැනයි අපි මතක් කරන්නේ. යුද නෞකාවක් රුසියාවෙන් එන්න නියමිතයි. මෙය ඡන්දය ඉවර වෙනතුරු පමා කරන්න පිඹුරුපත් සකසා අවසන්. රොස්බෝන් කියන සමාගමයි මේ නෞකාව ලංකාවට ගේන්න නියමිත. නමුත් ලංකාවේ ඒජන්තවරයාව එක්වරම වෙනස් කර ඒ නියෝජිතකම මහරාජා සමාගමට දුන්නේ තිළිණ සුරංජිත් නොවේද කියලා අපි ජනාධිපතිතුමාගෙන් අහනවා” යැයි පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද විමසා සිටියේය.
ඒ මහතා මෙසේ පැවැසුවේ ඊයේ (1දා) නෙලුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.