Colombo Today Local News

අලුත් මන්ත්‍රීන්ට පඩිදෙන්න කෝටි 74ක තවත් ණයක්

පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වෙන සභිකයන්ගේ දීමනා හා අනෙකුත් වියදම් සඳහා රජයට රුපියල් දස ලක්ෂ 745ක ​(කෝටි 74.5ක) අමතර මුදලක් වැය කිරීමට සිදුවී ඇතැයි වාර්තා වේ.

2017 වසරේ අයවැය ලේඛනයෙන් වෙන් කරන ලද මුදලට අමතරව මෙම මුදල අවශ්‍ය වෙනු ඇතැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ගණන් බලා ඇත.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වෙන සභිකයන්ගේ සංඛ්‍යාව 4006කින් වැඩිවී ඇත. මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේ වැඩිවෙන සභිකයන්ගේ දීමනා හා අනෙකුත් පහසුකම් සැපයීම සඳහා අවශ්‍යවෙන මුදල් ලබාගැනීම සඳහා ඉදිරි සති දෙක ඇතුළත දී අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලබන බවයි.

ඒ ඒ ආයතනවල රැස්වීම් ශාලා පහසුකම් ඔවුන් විසින්ම සකස් කරගත යුතුවන අතර එවැනි පහසුකම් නැති ආයතනවලට පමණක් මුදල් ආධාර දෙනු ලබන බවද ඇමැතිවරයා කීය.

ප්‍රාදේශීය සභා සභිකයකුගේ මාසික දීමනාව රුපියල් 15,000ක් වන අතර මහනගර සභා හා සුළු නගර සභා සභිකයකුගේ මාසික දීමනාව රුපියල් 20,000 කි.

Related posts

හිරුණිකාගේ මවගේ නම කැපූ බලවතා මරික්කාර් !!

colombotoday

රජයේ මුදල් පුද්ගලික බැංකුවල තැන්පත් කරන රජයේ තීරණයට බැංකු සංගම් විරෝධය

colombotoday

දකුණු පියයුරේ ගැටිත්ත ඉවත් කරන්න වම් පියයුරේ ශල්‍ය කර්මයක් කරලා

colombotoday

වැලිකඩට දුරකථන ගෙනයන්න හැදූ රැඳවියෙකු මාට්ටු

colombotoday

වටදාගෙය අසළ පුරා විද්‍යා භූමියේ පස් අලෙවි කරති

colombotoday

යාපනය, නාවක්කුලි සිංහල ගම්මානයට ශිවාජිලිංගම් එරෙහි වේ

colombotoday