Colombo Today Local News

අගමැතියි, එජාප ඇමතිලය ඉවත්කරනවානම් ඒකාබද්ධයේ සහය ජනපතිට

අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ සියලුම අමාත්‍යවරුන් ඉවත් කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍ය ධුර පමණක් තබා ගනිමින් භාරකාර ආණ්ඩුවක් යටතේ ජනතාවට අවශ්‍ය සහන ලබාදීමට, ජනාධිපතිවරයාට සහාය ලබාදිය හැකි බව ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග පවසයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රිවරුන් 96 දෙනාට සහාය දක්වන්නේ නම් ශ්‍රී ලනිප ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.

බුද්ධි අංශවලින් ලද තොරතුරුවලට අනුව මැතිවරණය පරාජයට පත්වන බව දැනගත් පසුව මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම ප්‍රකාශය සිදුකළ බවත්, භාරකාර ආණ්ඩුවක් යටතේ වුවද සහාය දැක්වීම පිළිබඳ තීරණය පෙරවාරි මස 10 වැනිදායින් පසුව ගන්නා බවත් රණතුංග මහතා කියා සිටී.

ඒකාබද්ධ විපක්ෂය භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට සහාය දැක්වීම හරහා අමාත්‍ය ධුර සංඛ්‍යාවද අඩුකර ගැනීමට හැකි බවද මන්ත්‍රිවරයා සඳහන් කරයි.

Related posts

අම්බලන්ගොඩ පි.ද එස් කුලරත්න විදුහල දින දෙකක් වැසේ

colombotoday

“පොරොන්දු වූ පරිදිම උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත්කරගන්නවා” රජයෙන් ඇමරිකාවට සහතිකයක්

colombotoday

වරායේ ගොඩගැසී ඇති බහලුම් නිෂ්කාශන කටයුතු අද සහ හෙට

colombotoday

දැනට ඇඳිරි නීිතිය පනවා ඇති ප්‍රදේශයන්ට පසුගිය දින හත තුළ ගමන් කළ, රෝග ලක්ෂණ පහළවූ පුද්ගලයන් වේ නම් දැනුම් දෙන්න

colombotoday

සාගල, අකිල අතටර හරීනුත් එයි.. එජාපයේ ලොකු තැනක් වෙනුවෙන් තුන්කොන් සටනක් !

colombotoday

පොහොට්ටුව අගනුවර බලයත් අල්ලයි.. නගරාධිපති මධුර විතානගේ

colombotoday