Colombo Today Local News

හම්බන්තොට වරාය චීනයට දීම ව්‍යවස්ථා විරෝධීයි.. සටන අරඹමින් හිටපු ඇමති විජේදාස නඩු දමයි

හම්බන්තොට වරාය වසර 99ක කාලයක් සදහා චීනයට බදු දීමට එරෙහිව හිටපු අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා තිබෙනවා.

මෙම ගිවිසුම මගින් රජය මෙරට ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව මුළුමනින්ම උල්ලංගණය කර ඇති බවයි සිය පෙත්සම මගින් ඒ මහතා සදහන් කර ඇත්තේ.

මෙම පෙත්සම සම්බන්දයෙන් කරුණු දැක්වීමට නීතිපතිවරයා කාලය ඉල්ලා සිටි නිසා මෙම පෙත්සම සලකා බැලීම එළැඹෙන අපේ‍්‍රල් මස 04 වැනි දා දක්වා කල් දමනු ලැබීය.

පැමිණිලිකාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ නීතීඥයා ලෙස පෙනී සිටින්නේද ජනාධිපති නීතීඥ ආචාර්ය විජේදාස රාජපක්‍ෂ මහතායි.

Related posts

ඇප මත සිටින බුද්ධි අංශ නිලධාරීන්ගේ ජීවිත අනතුරේ !

colombotoday

බස්නාහිර හැර සෙසු සියලු පාසල් විවෘත වන දිනය මෙන්න

colombotoday

අනුමත කලේ කන්තලේ සීනි ඉඩම විතරක් දෙන්නයි… සුළු වැරදීමක් වෙලා ඉඩමයි, ෆැක්ටරියයි දෙකම දුන්නා – කිරිඇල්ල

colombotoday

ETI කටයුතු අත්හිටුවීමට අවසර දෙන ලෙස ඉල්ලා මහ බැංකුවෙන් මෝසමක්

colombotoday

පාර්ලිමේන්තුව රැස්වීමෙන් ඇති ඵලය කුමක්ද? – රත්නසේකර අමාත්‍යධුරයෙන් ඉවත්වෙයි

colombotoday

පුරාවිද්‍යාඥයින් මෙරට රාජ්‍ය ආයතන තුල ස්ථාන ගත කරන්න සූදානමක්

Admin