Colombo Today Local News

ජනපති කොමිසමේ නිර්දේශ නීතිපති ක්‍රියාත්මක කරයි.. පළමු නඩු දෙක හිටපු ඇමතිට

ජනාධිපති විමර්ශණ කොමිසමේ නිර්දේශ මත මුල්ම නඩු දෙක නීතීපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (25) පවරන ලදී.

බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් සෙවීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශණ කොමිසමේ නිර්දේශ මත මෙලෙස මුල්ම නඩු දෙක පවරන ලද්දේ හිටපු ධීවර කටයුතු ඇමති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුලු පිරිසකට එරෙහිවය.

මීගමු කලපු සංවර්ධනයට මහා භාන්ඩාගාරයෙන් ලබා දුන් රුපියල් කෝටියකට අධික මුදලක් අවභාවිතා කරමින් පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අවසන් රැළිය මීගමු නගර සභා ක‍්‍රීඩාංගනයේ පැවැත්වු බවට සහ ධීවර වරාය නීතීගත සංස්ථාවේ මුදල් අවභාවිතා කරමින් එම ජනාධිපතිවරණ සමයේදීම දින පොත් මුද්‍රණය කළ බවට චෝදනා කරමින් නීතීපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ මෙලෙස නඩු පවරන ලදී.

බරපතල සංචා සහ දුෂණ විමර්ශණ කොමිසම හමුවේ මුලින්ම මේ පිළිබඳ තොරතුරු හෙළි වු අතර එහි නිර්දේශ මත රහස් පොලිසිය සිදු කරන ලද විමර්ශණයකින් අනතුරුව නිතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව මෙලෙස අධිචෝදනා ගොනු කොට ඇත.

Related posts

තවත් ලාංකිකයන් 273ක් රැගෙන ඒමට විශේෂ ගුවන් යානයක් ඩකා නුවරට පිටත් වෙයි.

colombotoday

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති සහ මහජන ආරක්ෂක ඇමැති අතර හමුවක්

colombotoday

රාජ්‍ය ඇමති වසන්ත, ගෝඨාගේ වේදිකාවට ගොඩවෙයි !

colombotoday

කොරෝනා ආසාදනය වී සුව වූ තවත් රෝගියෙක් රෝහලෙන් පිටව යයි

colombotoday

සජිත් සාටකයක් පැළඳ පාර්ලිමේන්තුවට එයි

Admin

විමල්ගේ පක්ෂයේ අනුරාධපුර සියළු සංවිධාන විසුරුවා හැරේ.. සියල්ල ශ්‍රීලනිපයට එක්වේ !

colombotoday