Colombo Today Local News

හමුදා රාජකාරියේ සිටිමින් දේශපාලන වැඩ.. ෆොන්සේකාගේ පට්ටම අනතුරේ

විශේෂ කාර්ය බළකායේ සන්නද්ධ ආරක්ෂාව ඇතිව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා දේශපාලන ප්‍රචාරක කටයුතුවල යෙදීම හේතුවෙන් සෙසු පක්ෂවලට සිය දේශපාලන කටයුතු කරගෙන යෑමේදී පීඩනයක් එල්ල වී ඇති බව සදහන් කරමින් අපේක්ෂකයන් පිරිසක් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කිරීමට සූදානම් වෙයි.

යුද හමුදා ක්‍රියාන්විත රාජකාරියේ සිටිමින් දේශපාලන කටයුතුවල නිතරවීම ව්‍යවස්ථාවට පටහැනි බව දන්වන්වමින් හමුදා ප්‍රධානීන් පිරිසක් සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන මහතාද දැනුවත් කර ඇති බව පැවසේ.

මේ සම්බන්ධයෙන් අදහස් පලකරමින් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසන්නේ ෆීල්ඩ් මාර්ෂල් තනතුර හමුදාවේ ස්ථීර තනතුරක් බවයි. එම තනතුර දරන පුද්ගලයා මිය යන තෙක් වැටුප් ගෙවන බවත්, සක්‍රීය සේවයේ යෙදෙන්නෙකු බවත් හෙතෙම කියා සිටී.

ව්‍යවස්ථාවේ යුද හමුදාවේ සක්‍රිය සේවයේ යෙදෙන්නකුට දේශපාලනය කළ නොහැකි බව සඳහන් වුවද, හමුදා වරප්‍රසාද ද භුක්තිවිඳිමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා රජයේ කැබිනට් අමාත්‍යවරයකු ලෙස කටයුතු කිරීම අමුඅමුවේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් යැයි ඔහු කියා සිටී.

Related posts

ගම්පහ උඩුගම්පල වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday

මැක්කෝ නිසා බලපිටියේ පාසලක ප්‍රාථමික අංශය වසා දමයි

Admin

රන්ජන්ගෙන් අනාවැකියක්.. ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙක් ළගදීම අත්අඩංගුවට !

colombotoday

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේ දී සම්මත වෙයි

colombotoday

මනුෂ්‍ය ඝාතනයකට සැකපිට ජනක බණ්ඩාර CID අත්අඩංගුවට

colombotoday

මහින්ද අකමැති, විමල්ලා, ගම්මන්පිලලා කැමති සැලැස්මක් ගැන කුමාර් ගුණරත්නම් කියයි

colombotoday