මහ බැංකු බැඳුම්කර වංචාවේ ඉදිරි කටයුතුවලට අදාළව හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වීම සඳහා ජාත්‍යන්තර පොලිසියට දන්වන්නැයි දූෂණ විරෝධී හඬ ජනපතිගෙන් ඉල්ලයි.
එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ පැවැසුවේ අර්ජුන මහේන්ද්‍රන් මේ වන විට සිටින තැන පිළිබඳව අගමැතිවරයා හොඳින් දන්නා බවත් ඔහු මෙරටට ගෙන්වීමට කටයුතු කිරීම ජනපතිවරයාගේ වගකීම බවත්ය.
මීට පෙර කෝප් වාර්තාව ඒමට නියමිත දිනට පෙරද හිටපු මහ බැංකු අධිපති මහේන්ද්‍රන් සිංගප්පූරුවට ගිය අතර මෙවර වාර්තාව පිටවීමට පෙර නැවත ඔහු විදෙස් රටකට පැන ගිය බවටද සමරසිංහ මහතා චෝදනා කළේය.