Colombo Today Local News

“ඒකාබද්ධය – එජාපය ප්‍රසිද්ධියේ චෝදනා කරගන්නේ ඩීල් එකකට” – අමරවීර කියයි

ඒකාබද්ධ විපක්ෂය හා එක්සත් ජාතික පක්ෂය ප්‍රසිද්ධියේ එකිනෙකාට දැඩි ලෙස චෝදනා කරගත්තද එයඔවුන් දෙපාර්ශවයේ අභ්‍යන්තර එකඟතාවක් මත සිදුවන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (18) ශ්‍රීලනිප මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමට ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස ප්‍රකාශ කරන්නෙත් ශ්‍රීලනිප කණ්ඩායමට ආණ්ඩුවේ ඇමතිධූර වලින් ඉවත් වී පැමිණෙන ලෙස ඒකාබද්ධ විපක්ෂය බලකරන්නෙත් එම එකඟතාවේ කොටසක් ලෙස යැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසම පත් කළ මොහොතේ සිට මේ පාර්ශවයේ බලපෑම වැඩි වූ බවයි අමරවීර මහතා කියා සිටියේ.

ශ්‍රීලනිප කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වූයේ නම් අද බැඳුම්කර ගණුදෙනුව පිළිබඳ ඇත්ත අනාවරණ නොවන අතර ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම එජාපය සමඟ එක්ව ආණ්ඩුවක් පිහිටුවා ඔවුන්ගේ වංචා දුෂණ ද වසන් කිරීමට කටයුතු කරන බවයි මහින්ද අමරවීර මහතා සඳහන් කළේ. මොවුන්ගේ උත්සාහය රට ඉබාගාතේ යැවීම බව හෙතෙම කියා සිටියේය. කෙසේවෙතත් අද ආණ්ඩුවේ ශ්‍රීලනිප කණ්ඩායමට චෝදනා කරන ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් පැවති මහ මැතිවරණයෙන් පසු ඇමතිකම් ලබා ගැනීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් සෑදීමට සිරිකොතටත් අරලිය ගහ මන්දිරයටත් ගිය බව අමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

මහජන සේවය ඉටු නොකිරීම ගැන ජනපති හේතු එපා කියයි

Admin

දෙමටගොඩ වෙඩිතැබීමට අදාළ CCTV දර්ශණ නිකුත්වෙයි (VIDEO)

colombotoday

වසර තුනකට පසු ඉගිනිමිටියේ වාන් දොරටු හයම විවෘත කරයි

Admin

යල කන්නය සඳහා දේශීය පොහොර මිල දී ගැනීමට අනුමැතිය

colombotoday

බොදුබල සේනා සංවිධානයේ හිමිවරුන්ට ජනාධිපති මෛතී‍්‍ර සිය කනගාටුව පළ කර සිටී.

colombotoday

කොළඹ මගී ප්‍රවාහනයට විදුලි බස් රථ 18ක්

colombotoday