Colombo Today Local News

ආර්ථිකය මෙහෙයවන්නේ පාස්කරලිංගම්, මලික් සමරවික්‍රම සහ විදේශිකයෙක්.. ඩොලර් බිලියන 14ක් ණය අරන්, කරපු දෙයක් නෑ

ශ්‍රී ලංකා ආර්ථිකය මෙහෙයවන්නේ පාස්කරලිංගම්, මලික් සමරවික්‍රම සහ විදේශිකයෙක් එකතුවී බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.

ඔහු එසේ පැවැසුවේ ඊයේ (15දා) බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“දූෂණයෙන් තොර රටක් ගැන කතා කළත් මහ බැංකු බැඳුම්කර මගඩියෙන් පමණක් රුපියල් මිලියන 11,145ක් පමණ පාඩු සිදු වෙලා කියලා ජනාධිපතිත් කියනවා. ගෙවී ගිය කාලය තුළ ඩොලර් බිලියන 14.6ක් ණය ගෙන තිබෙනවා. ඒත් කරපු දෙයක් පෙන්වන්න නැහැ.
පාස්කරලිංගම්, මලික් සමරවික්‍රම සහ විදේශිකයෙක් එකතුව ආර්ථිකය මෙහෙයවනවා. 2001-2013 පරාජය වුණු ‘යළි පුබුදමු ශ්‍රී ලංකා’ වැඩසටහන යළි ක්‍රියාත්මක කරනවා.

රටේ ආර්ථික මර්මස්ථානයක් වන හම්බන්තොට වරාය ඩොලර් බිලියන 1.4කට වසර 99කට බදු දුන්නා. ලැබුණේ ඩොලර් මිලියන 936ක් පමණයි.

එහි ඉඩම් ඇතුළුව තක්සේරුව විතරක් ඩොලර් බිලියන 8.6යි. එහෙම තමයි පසුගිය ආණ්ඩුව ඉඩම් බදු දෙන්න කටයුතු කළේ. ඒත් මේ ආණ්ඩුව කුණුකොල්ලයට වරාය දුන්නා. එතැනින් නවතින්නෙ නැහැ. හිල්ටන් හෝටලයේ සිට සියලු දේ විකුණනවා.”

Related posts

වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවයි.. Prius ලක්‍ෂ 59යි.. Aqua ලක්‍ෂ 48යි.. Leaf ලක්‍ෂ 50යි

colombotoday

බඩට වෙනසක් නොවුණත් 2015 සතුට පිරීගිය වසරක්.. ප්‍රාජතන්ත්‍රවාදයෙන් අපි ලෝකෙන්ම අංක එකවුණා – ජනපති

colombotoday

මම දැනන් හිටියෙත් නෑ මට ආපු දුරකථන ඇමතුම් ටික පාස්කු කොමිසම නිවැරදිව හොයා ගෙන තිබ්බා -හරීන් කියයි

colombotoday

ජෝසප් ස්ටාලින්ට ඇප..

colombotoday

කොළඹ පාසල් සතියකට වැසෙයි

colombotoday

අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් නම්කරමින් ගැසට් නිවේදනයක්

Admin