Colombo Today Local News

ජනපති මෛත්‍රීට අවුරුදු හයම බලයේ සිටිය හැකි බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි…

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වසර හයක් සිය ධුරයේ සිටිය හැකි බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇතැයි වාර්තා වේ.

සිය ධුර කාලය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සිය මතය විමසූ අතර, ඒ පිළිබදව මතය ලබාදීමට අගවිනිසුරුවරයා විසින් පංචපුද්කල කමිටුවක්ද පත්කර ඇත.

මෙම කමිටුවට නීතිපතිවරයා සිය මතය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයාට වසර හයක් ධුරය දැරිය හැකි බව දන්වා ඇතැයි පැවසේ.

ඒ අනුව මීළග ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇත්තේ 2021 ජනවාරි මාසයේදීය.

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයා සතු විධායක බලතල යම් ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට සහ ස්වාධීන කොම්ෂන් සභවලට පැවරූ අතර, ධුර කාලය අවුරුදු පහ දක්වා අඩු කරන බව ප්‍රකාශ කෙරිණි. නමුත් එම නීතිය වත්මන් ජනාධිපතිවරයාට අදාළ වන්නේදැයි පැහැදිළි විවරණයක් කෙරුණේ නැත.

Related posts

බමුණු කුලයේ දොස්තරලා යහපාලනය කනවා.. ඔවුන්ට වැඩි වරප්‍රසාද දුන්නොත් විරෝධතා – සමන් රත්නප්‍රිය

colombotoday

“කොවිඩ් 19 විධිවිධාන පනත් කෙටුම්පත” ලබන මස මුල පාර්ලිමේන්තුවට

colombotoday

“අපි ආවේ දූෂණ වංචා නවතන්නයි.. බැදුම්කර හොරුන්ට දඩුවම් දෙනවා” – අගමැතිගේ විශේෂ ප්‍රකාශය

colombotoday

මහින්ද අධිකරණයට

colombotoday

බුත්තල SI තරුණිගේ ගෙල කපා වෙන්කෙරුවේ නාන කාමරයේදී

colombotoday

ඇත් පහරින් ගොවියා මරු දකී

Admin