Colombo Today Local News

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ගමන කුජිත කර අත ලකුණ ජයග‍්‍රහණය කරවනවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහ එක්සත් ජනතා සන්ධානයෙන් වෙන් වුණු කණ්ඩායම් එකතු කර බුලත් කොළය යටතේ සටන් වැදීමට මුලදී රහසින්ද පසුව එළිපිටද වැඩකළ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා ඊයේ (10) පැවැසීය.

අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවැති පළාත් පාලන මැතිවරණයට තරග වදින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල රැලිය අමතමින් දිසානායක මහතා එසේ කීවේය.
ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත් වී එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වීමෙන් පසු ජනතාව ඇමතු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා මෙසේ ද කීය.

‘‘ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ගමන සම්පූර්ණයෙන්ම ආපසු හරවා කුජිත කරවා අත ලකුණ ජයග‍්‍රහණය කිරීමේ අපේ අරමුණයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහ එක්සත් ජනතා සන්ධානයෙන් වෙන් වුණු කණ්ඩායම් එකතු කරන්න අපි රහසිගතව කටයුතු කළා. ඉන් පස්සේ එළිපිට වැඩ කළා. එහෙත් ඇතැම් අය ඊට අකුල් හෙළුවා.“

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිදුව ඇත්තේ කැප්පෙටිපොළගේ භූමිකාව කරන්නයි විමල් වීරවංශ මහතා එදා කිව්වා. එහෙත් ආපසු හැරී කැප්පෙටිපොළගේ භූමිකාව රඟ දක්වන්න විමල් වීරවංශ මහතා අසමත් වුණා. ඒ නිසා ආපසු ඒ කාර්යය කරන්න මට සිදුවුණා.

මම ආපසු හැරෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ එක්වුණා යැයි පැවසීය.

Related posts

කොළඹ, බදුල්ල, නුවරඑළිය, රත්නපුර, මාතලේ, කලුතර රාජ්‍ය සේවකයෝ ගෝඨාභය උඩින් දිනවති !

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

ඖෂධ පිළිබඳ ගැටළු විසඳන්න දුරකථන අංකයක්

colombotoday

වාසු ප්‍රබල තීරණයක් ගනී

Admin

ඩොලරය රු 150 නුත් ඉහළට නගී.. රුපියල පල්ලම් බහී !

colombotoday

යාපනයේ තරුණයෙකුට මරු කැදවූ අනතුර

Admin