Colombo Today Local News

බැඳුම්කර ටෙලි නාට්‍ය පෙන්වන්නේ පොහොර හිඟය වසාගන්න – රන්ජිත් විතානගේ

ජනතාවට ජීවත් වීමට අසීරු තරමට බඩුමිල ඉහලගොස් ඇති මෙම අවස්ථාවේ එය වසා ගැනීම සදහා රජය විසින් බැදුම්කර ගනුදෙණුව පිළිබද වාර්තාව දඩමීමා කර ගැනීම තරයේ හෙළාදකින බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රන්ජිත් විතානගේ මහතා අද (11) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

කිසිදු සංවර්ධන ක්‍රියාවලියක් සිදු නොවූ පසුගිය කාලයේ රටේ ප්‍රධාන මාතෘකාව බවට පත්කරන ලද්දේ බැදුම්කර සිද්දිය බව සඳහන් කර සිටින ඒ මහතා මහජනතාව ඒදෙස බලා සිටිත්දී අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල සීග්‍රයෙන් ඉහළ ගිය අතර ගොවියාට තම ගොවිතැන කර ගැනීමට පොහොර නැවැත්වූ බව සඳහන් කර සිටී.

බැදුම්කර ගනුදෙණුව පිලිබදව විමර්ශනය සදහා පත් කල කොමිෂන් සභාව විසින් සිය නිර්දේශ ඉදිරිපත්කරමින් වාර්තාවක් එළිදැක්වුවද ඒය පාර්ලිමේන්තුවට පවා ඉදිරිපත් නොකල බවත් , ජනාධිපති ලේකම්වරයා 17 වනදා එම වාර්තාවෙන් කොටස් 26 ක් පාර්ලි‌‌මේන්තුවට ඉදිරිපත් කරන බවත්, ඒ අනුව ටෙලි නාට්‍යයක් නරඔනසේ බැදුම්කර කොමිෂන් සභා වාර්තාව බලා ගැනීමට ජනතාවට සිදුවී ඇති බවත් විතානගේ මහතා පවසයි.

පොහොර නොමැතිවීම නිසා මෙම කන්නයේ අස්වැන්න අඩුවන අතර ඒ අනුව අත්‍යවශ්‍ය මිල ඉහළයාම නැවැත්විය නොහැකි බව අවධාරණය කර සිටින ඒ මහතා මෙම සිංහල හින්දු අවුරැද්දට ජනතාවට කන්න සිදුවන්නේ බැදුම්කර වාර්තාවද යන්න ජනාධිපතිවරයාගෙන් විමසා සිටියි.

එම සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ බැදුම්කර විමර්ශන වාර්තාව හිගන්නාගේ තුවාලය කර නොගෙන එය වහා ජනතාවට බලාගැනීමට සලස්වා වැරදිකරුවන්ට ඉක්මනින් දඩුවම් කරන ලෙසයි.

Related posts

අතුරුදන් වූවන් පිළිබද කාර්යාලය අද මුලතිව්හිදී රැස්වෙයි

colombotoday

ස්විස් තානාපති නිලධාරිනිය පැහැරගැනීමේ නාටකය අවසන් අධියරේ. තානාපති කාර්යාලය පොලීසියට අසත්‍ය තොරතුරු ලබා දීලා.

colombotoday

ආපදා මරණ 100 ඉක්මවයි.. 100කට වඩා අතුරුදන්

colombotoday

මුහුදුබත් වෙමින් ඇති නැවෙන් තෙල් කාන්දු වුවහොත් එය පාලනයට සූදානම්

colombotoday

ජනපතින් නිහඩයි… අගමැතිත් ආගිය අතක් නෑ… විජයකලාගේ කොටි නැගිටවීම ආණ්ඩුවේ ස්ථාවරයද?

colombotoday

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුට එරෙහි සිතාසිය බලරහිත කරයි

Admin