Colombo Today Local News

බැදුම්කර ගැහිල්ලෙන් පාඩු ලැබූ රාජ්‍ය ආයතන තිබී ඇත්තේ එජාප මහ ලේකම්හ කබීර් හෂීම් යටතේ..

මහැබැංකු බැදුම්කර දූෂණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කළ විශේෂ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ විශේෂ ප්‍රකාශයට බැදුම්කර දූෂණයට සෘජුවම සම්බන්ධ යැයි කියවුණු ඉහළපෙළේ පුද්ගලයන්ගේ නම් ඇතුළත් නොවීම සම්බන්ධයෙන් දේශපාලනයේ සහ විවිධ ක්ෂේත්‍රවල මේවන විට දැඩි කතා බහක් ඇතිව තිබේ.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අනුව. රජයට සිදුව ඇතැයි කියන පාඩුවෙන් මිලියන 8529 හෙවත් බිලියන 8.5කට වැඩි අලාභයක් සිදුව ඇත්තේ සේවක අර්ථසාධක අරමුදල, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සමාගම, රක්ෂණ සංස්ථා අරමුදල, මහපොළ ශිෂ්‍යත්ව අරමුදල ඇතුළු ආයතනවලටයි. බැදුම්කර වංචාව සිදුවන විට එම ආයතන අතරින් බොහොමයක් සහ රාජ්‍ය බැංකු පැවතියේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් ඇමතිවරයා යටතේය. එසේ තිබියදී ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් ඔහුව චෝදනාවට ලක් නොවූයේ කෙසේදැයි බොහෝ දෙනෙකු විමතිය පලකරති.

කෝප් කමිටු වාර්තාව අනුව අදාල බැදුම්කර නිකුතුව අවස්ථාවේදී එජාප සභාපති, අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාද එම ස්ථානයට පැමිණ ඇතැයි හෙළිවී තිබුණු අතර, ජනපතිවරයාගේ විශේෂ ප්‍රකාශයෙන් ඔහුගේ නමද හැලී තිබිණි.

කෝප් කමිටු වාර්තා සහ, බැදුම්කර කොමිසමේ සාක්ෂි විමසීම්වලින් හෙළිවුණු කරුණු අනුව දූෂිත ගණුදෙනුවට සෘජුවම සම්බන්ධ එජාප ප්‍රබලයන් පිළිබදව ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ වචනයක්වත් සදහන් නොවෙද්දී, අර්ජුන් ඇලෝසියස් සමග සිදුවූ පෞද්ගලික ගණුදෙනුවක් සදහන් කරමින් හිටපු අමාත්‍ය රවී කරුණානායක චූදිතයෙකු කර තිබීම හාස්‍යට කරුණක් බවද දේශපාලන විශ්ලේෂකයන් සදහන් කරති.

රවී කරුණානායක ඇමතිවරයාගේ පෞද්ගලික ගණුදෙනුවක් පෙන්වමින් බැදුම්කර වංචාවට සම්බන්ධ මහ හොරුන්ට අතපිහදා ගැනීමට නොහැකි බව, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාද ඊයේ මාධ්‍ය හමුවකදි කියා සිටියේය.

Related posts

ISISට ගහගන්න බැරි සුද්දෝ ශ්‍රී ලංකා හමුදාව පුහුණු කරන්නට ඉල්ලීම විහිළුවක් නොවන්නේද?

colombotoday

රවී සැගවුණු තැන ගැන මහින්දගෙන් ඔත්තුවක් !

colombotoday

එන ඡන්දෙන් සිලින්ඩරය දිනනවා

Admin

ජල නල පද්ධතිය අලුත් වැඩියා කරමින් සිටි අයෙක් අඩි 40 ක ඉහළින් වැටී මරුට

Admin

ආනයනික කරවල, හාල්මැස්සන්, පළතුරු වල බැර ලෝහ සහ ආසනික්

Admin

2011 ක්‍රිකට් තරඟ පාවාදීමේ චෝදනාව: උපුල් තරංග ප්‍රකාශයක් ලබාදීමට පැමිණේ

colombotoday